Chapter 10

356 59 8
                                    

මැන්ශන් එකට ආ පසු සුගා තම කාමරය වෙත ගිය අතර ජේකේ කෙලින්ම ගියේ ටේහියුන්ග් බැලීමටයි. එක පෙලට ආ වාහන වල හඬත්, ඉන් පසුව තමා අසලට පැමිණෙමින් තිබූ අඩි ශබ්දයත්  නිසා ටේහියුන්ග් අනුමාන කලා මේ පැමිණෙන්නේ ජේකේ කියා. තව තවත් තදින් තම දෑස් පියාගත් ටේහියුන්ග්  නිදි මෙන් සිටින්න උනා. ටේහියුන්ග් තවමත් සිටින්නේ දවස් හතරකට පෙර හැඳ සිටි ඇඳුම පිටින්. එය ටේහියුන්ග් ට විශාල අපහසුවක් සේ දැනුනා.

"ඒන්ජල්... ඔයා කොහොමද මගෙ හිතට මෙච්චර ලොකු බලපෑමක් කලේ."

ටේහියුන්ග් නිදා සිටින ඉරියව්ව දෙස ජන්ග්කුක් බලා සිටියේ හැඟීම් පිරි දෑසිනි. ජන්ග්කුක් දන්නෙ නෑ එයාට මේ දැනෙන දේවල් මොනවද කියලා. ටේහියුන්ග් ව ආයෙත් ආර්එම් ළඟට යවනවද නැද්ද කියන දේ ගැන හිතන්න ජන්ග්කුක් කැමති උනේ නෑ. කෙනෙක් දැක්ක ගමන් මේ වගේ හිතකට වෙනස් වෙන්න පුළුවන් ද? ජේකේ ඒ හැඟීමෙන්ම නිදා සිටින ටේහියුන්ග් ගේ හිස සුමුදුව අත ගෑවා. දැණුනු ස්පර්ශයත් සමඟ ඇඟ පුරා දිව ගිය පිළිකුලක් වැනි හැඟීම නිසා ටේහියුන්ග් ජන්ග්කුක් ගෙ අත ගසා දමමින් ඇඳෙන් බැස්සා.

"තමුසෙට කොහෙ තියෙන අයිතියක්ද මාව අල්ලන්න?"

ටේහියුන්ග් ජේකේ වෙත දවා අළු කරන බැල්මක් හෙලීය.

"මං හිතන්නෙ මට ඒකට කාගෙන්වත් පර්මිශන් ඕනෙ වෙන්නෙ නෑ ඒන්ජල්."

"මේ අහනවා මිස්ටර්.. මට යන්න දෙනවා. තමුන්ගෙයි මගෙ හ්‍යුන්ගෙයි තියෙන ප්‍රශ්න මම දන්නෙ නෑ. මාව මෙහෙම හිර කරන් ඉන්න තමුන්ට කිසිම අයිතියක් නෑ."

"මම කැමති නෑ කවුරුත් මට ඔය වගේ කතා කරනවට ඒන්ජල්. "

මුහුණ වසා දමා සිටි මාස්ක් එක නිසා ටේහියුන්ග් ට පෙනුනේ ජේකේගෙ ඇස් විතරයි. දුඹුරු පැහැති ඇස් යුගලෙන් ටේහියුන්ග් දුටුවෙ තරහව විතරයි. ජේකේ හෙමින් හෙමින් ඉදිරියට ආ නිසා ටේහියුන්ග් පසු පසට යන්න ගියේ ජේකේව මඟ හරිමින්. පිටුපස තිබූ ස්ටූල් එකේ හැපුනු ටේහියුන්ග් ඒ මත තිබූ වීදුරු වාස් එක ගෙන පිටුපස සඟවා ගත්තේය.

"ළඟට එන්න එපා. මට තමුසෙලා වගේ මිනිස්සු අප්පිරියයි."

"ඔයාගෙ කැමැත්තෙන් අකමැත්තෙන් මට වැඩක් නෑ ඒන්ජල්. මට ඕන නැති දේවල් අතුගාල දන්න වගේම මට ඕන දේවල් මගේ ළඟට බලෙන් හරි ගන්නත් මම දෙපාරක් හිතන්නෙ නෑ."

Let Me Love You 🤟💜️Where stories live. Discover now