Chapter 22

355 55 6
                                    

" ඩ්‍රග්ස් ස්ටෝර් එක බාරව හිටපු උන් ටිකව දැන්ම පහලට අරන් යනවා. දැන් ජේකේ එයි. උබල ඇත්ත නොකිව්වොත් හුස්ම ගන්න අන්තිම දවසත් අද කියල මතක තියාගත්තොත් හොඳයි."

සුගා හයියෙන් කෑ ගහනවා. මෙච්චර භයානක දෙයක් කොහොමද උනේ ඩ්‍රග්ස් වල අවුලක් ඉක්මණින් එන්න කියලා ජේකේට කෝල් කරල කිව්වත් හරිම හේතුව කිව්වෙ නැත්තෙ ජේකේ ගෙ හැටි සුගා දන්න නිසයි. රෙඩ් හවුස් එක තුළ ඇති ඔෆිස් එකේ එහාට  මෙහාට ඇවිදින සුගා ජනේලෙන් දැක්කා කලු පාට ඩිෆෙන්ඩර් වලට මැදිව විශාල ගේට් එකෙන් ඇතුලට එන ජේකේගෙ කලු පාට කාර් එක. සුගා ඒත් එක්කම ඔෆිස් එකේ දොර ඇරගෙන ගියෙ ජේකේ එන ඉස්සරහට යන්නයි.

"හ්‍යුන්, මොකක්ද වෙලා තියෙන්නෙ?"

තමන් ඉදිරියට ඇවිද එන සුගා දැක්ක ගමන් ජේකේ අහන්න උනා. සුගා දන්නවා දැන් මේ කියන්න යන දෙයින් පස්සෙ තමන්ගෙ ජීවිතේට උනත් අනතුරක් වෙන්න පුළුවන් කියලා. මොකද ජේකේ කියන්නෙ සෙල්ෆ් කන්ට්‍රෝල් කියන දේ අන්තිම බිංදුවෙ තියාගෙන ඉන්න කෙනෙක්. 

" ජේකේ කලබල වෙන්නෙ නැතුව අහපන් ඉස්සෙල්ල මං මේ කියන දේ"

සුගා දන්නවා මේ කියන හැම වචනයක්ම වතුරට වැටුනා වගේ තමා ගහගෙන යනවා කියලා ඒත් සුගා උත්සාහය අත අරින්නෙ නෑ.

"හ්‍යුන්, මං ආයෙත් අහන්නෙ නෑ මොකක්ද වෙලා තියෙන්නෙ ?"

ජේකේ ගෙ මූණ කේන්ති නිසා රතු වෙලා. එයා දන්නවා සුගා මේ හදිසියෙ කෝල් කරල එන්න කිව්වෙ එච්චර හොඳ ආරංචියකට නම් නෙමේ කියලා.

" අපේ කොකේන් වලට වස කලවම් වෙලා. "

සුගා එක පාරින් කියල දැම්මා.  ජේකේ එක පාරටම සුගා දිහා බැලුවෙ කොහොමද එහෙම උනේ වගේ බැල්මකින්.

" මොකක්ද කියන්නෙ?  මෙච්චර සිකියුරිටි එකක් තියෙද්දි එහෙම කොහොමද උනේ? අනික මේ ජේකේට පිටින් මෙතන වැඩ කරන්න තරම් එකෙක් ඉන්නවද?"

මේ වෙද්දි ජේකේගෙ සීමාව පැනලා තිබ්බෙ. කේන්තිය නිසා නහර මතු වෙලා පේනවා මිට මොලවන් ඉන්න අත් දෙකේ. අනික මේ වගේ දෙයක් සිද්ධ උන පලවෙනි පාර.

Let Me Love You 🤟💜️Where stories live. Discover now