Chapter 34

251 46 9
                                    

"ඒක නෙමේ ඔයාලා දෙන්න කොහොමද ඔච්චර ෆිට් උනේ කියනවද?"

ජින් සුගාගෙනුයි හොබීගෙනුයි ඇහුවෙ මෙච්චර ළඟ යාලුකමක් ඇති වෙන්න විදියක් කොහෙත්ම නැති නිසයි. ආව වෙලේ ඉඳන් සුගයි හොබියි කලේ හිනා වෙවී කතා කරන එක. ගොඩක් සයිලන්ට් කූල් කැරැක්ටර් එකක් උනත් සුගාත් අද හරි හරියට කියවනවා. අනික හොබී කතා කලේ යුන්ගියා කියලා සුගාගෙ ඇත්ත නම දන්නෙ සුළු පිරිසක් විතරයි ඉතින් ඒ සුළුතරේ හොබිත් ඉන්නවා කියන්නෙ අනිවාරෙන්ම දෙන්න හොඳම යාළුවො වෙන්න ඇති.

"ඔය දෙන්න කලින් ඉඳන් යාළුවොද හ්‍යුන්?" 

ජිමින් සුගාගෙ ඔඩොක්කුවෙන් වාඩි වෙනකොර හොබී සුගයි ජිමිනුයි දිහා පුදුමෙන් බැලුවා. හොබී හිතන දේ තේරිලා වගේ සුගා හිනා උනා.

" මේ ඉන්න තාරා පැටියා  මගෙ බෝයිෆ්‍රෙන්ඩ් හොබා."

සුගා එයාගෙ ඔඩොක්කුවෙ හිටපු ජිමින්ගෙ කොණ්ඩෙ අවුස්සලා කිව්වා.

"යා හ්‍යුන්.. කියලා තියනව නෙහ් මට කොටා, තාරාවා කියලා කියන්න එපා. කම්මැලි බිලාලයා."

මේ දෙන්නගෙ රණ්ඩුව දිහා හොබී බලන් හිටියෙ ආසාවෙන්. ඒ වගේම පොඩි දුකකින්. මොකද ජියොන් ෆැමිලි එක මාෆියා එක්ක කොච්චර බිසී උනත් තමන්ගෙ පවුල එක්ක හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා හොබීට  තේරුනා. ඒ අතින් බැලුවම නම්ජුන් ටේයි හොබියි එක්ක කවදාවත් මෙච්චර ළඟින් කතා බහ කරලා හිටියෙ නෑ නේද කියලත් හොබීට හිතුනා. පොඩි කාලෙ හිටියට වැඩිය තුන් දෙනා කොච්චර ඈත් වෙලාද කියලා හිතුනා. සමහරවිට ටේ ජන්ග්කුක් ට මෙච්චර බැඳෙන්නත් ඇත්තෙ මේ නිසා වෙන්න ඇති.

"හරි හරි දැන්වත් කියනවකො ඔය හුරතලේ නවත්තලා."

ජින්ට නම් ඇති වෙලා.

" හ්‍යුන්ට මතකද මායි ජේකේයි ඩීල් එක කතා කරගන්න ක්ලබ් එකට ගියා.?"

සුගා කතාව පටන් ගත්තා.

"ඔව්, අර දිගංචියා ප්‍රශ්නයක් දැම්මෙ එදානෙ."

"දිගංචියා?"

හොබී ජින්ගෙන් ඇහුවෙ පුදුමෙන්.

Let Me Love You 🤟💜️Where stories live. Discover now