chapter 15

341 53 7
                                    

Next day morning -

ටේහියුන්ග් ට ඇහෙරෙනකොට අටත් පහු වෙලා අදවත් කම්පැණි එකට යන්න ඕන කියලා හිතපු ටේහියුන්ග් ඉක්මණට ලෑස්ති උනේ පිටත් වෙන්න. ඊයෙ ජේකේ ඉතුරු කරල ගිය මාර්ක් එක අද වෙනකොට තවත් රතු පාට වෙලා ගොඩක් පැහැදිලිව පේනවා. ටේහියුන්ග් ඒ සලකුණ දිගේ තම අතැඟිලි ගෙන ගියේ මද හිනාවක් නංවාගනිමින්. ජේකේ හැසිරීම හරිම හිතුවක්කාරයි කියලා ටේහියුන්ග් ට හිතුනා. ඇඳගෙන හිටපු ශර්ට් එකෙයි කෝට් එකෙයි කොලර් දෙක ටේහියුන්ග් ටිකක් ඉස්සුවෙ හයිකි එක පේන්නෙ නැති වෙන්න. ඉක්මණින් උදේට සීරියල් ටිකක් හදාගෙන කාපු ටේහියුන්ග් කම්පැණියට පිටත් උනා. විනාඩි විස්සක් විතර යනකොට ටේහියුන්ග් ට කම්පැණි එකට එන්න පුළුවන් උනා. ටේහියුන්ග් හිටපු අපාර්ට්මන්ට් එක තිබුණෙ වැඩි ඈතක නෙමෙයි.

"ගුඩ් මෝර්නින් සර්"...

ටේහියුන්ග් ඇතුලට යනකොට හැම සේවකයෙක්ම ඉඳගෙන හිටපු තැන් වලින් නැගිටලා ආචාර කලා. ටේහියුන්ග් ඒ හැමෝටම ලස්සන හිනාවකින් සංග්‍රහ කරන්න අමතක කලෙත් නෑ. මේකත් ටේහියුන්ග් ගෙ තව එක සුවිශේශී බවක් උනා. එයා කවදාවත් එයාගෙ යටතෙ වැඩ කරන කිසිම සේවකයෙක්ට එයාගෙ පසුබිම බලල සැලකුවෙ නෑ හැමෝටම එක විදියට සැලකුවා. ලෝක ප්‍රසිද්ධ kim company එක මේ තරම් සාර්ථක වෙන්න ඒකත් එක හේතුවක්.

" මම නැති දවස් ටිකේ ඉඳලා මේ වෙනකම් හැම ෆයිල් එකක්ම මට ලැබෙන්න සලස්වන්න ඕනෙ. තියපු මීටින්ග්ස්, කැන්සල් උන මීටින්ග්ස් ඒවගෙත් විස්තර ඕනෙ. අලුතෙන් එක්ස්පෝර්ට් කරපු ඕඩර්ස් වල රිපෝට්ස් ලැබෙන්න සලස්වන්න ඕනෙ."

"ඕකෙ සර්.."

තමන්ගෙ සෙක්ට්‍රිට ඒ විදියට අවශ්‍ය දේවල් කියූ ටේහියුන්ග් ඔෆිස් රූම් එකට ඇතුල් උනා. ටේහියුන්ග් ගෙ සෙකට්‍රි අවුරුදු විසි පහක ගෑණු ළමයෙක්. ලස්සනයි. ටේහියුන්ග් ගැන ගොඩක් උනන්දු වෙන කෙනෙක්. ඒත් ටේහියුන්ග් හැම තිස්සෙම එයාගෙ සීමාව දැනගෙන හිටියා වගේම එයාගෙ සෙක්ට්‍රි වුන සියෙරාට කිසිම විදියකින් උල්පන්දම් දුන්නෙ නෑ.

"ආශ් බලනවා සියෙරා. මේ මීටින්ග්ස් ඔක්කොම ඕනම කරන ඒවා. තමුන් කෝමද ඒවා මෙහෙම කැන්සල් වෙන්න දුන්නෙ. මං නැති උනත් මේවා කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒකටයි තමුන්ලව වැඩට ගත්තෙ. මම මාසෙට ලොකු ගාණක් ගෙවන්නෙ. ආයෙ කියන්න තියන්න එපා දැන් යනවා."

Let Me Love You 🤟💜️Where stories live. Discover now