Chapter 35

346 52 30
                                    

රෑ කෑමෙන් පස්සෙ ජන්ග්කුක් ටේහියුන්ග් එක්ක කෙලින්ම ආවෙ එයාගෙ රූම් එකට. අනිත් අයත් ඒකට ඉඩ දුන්නෙ ගොඩ කාලෙකින් මුණ ගැහුන දෙන්නට නිදහසේ ඉන්න ඉඩ හරිමිනුයි. මේ වෙද්දි ජින්, ජිමින් නම් ජේ හෝප් එක්ක හොඳටම එකතු වෙලයි හිටියෙ. කොයි වෙලෙත් හිනා වෙලා විහිලු කරලා ඉන්න හොබී ආර් එම් එක්ක තිබ්බම අහසට පොළව වගේ කියලා හැමෝටම හිතුනා.

ටේහියුන්ග් හිටියෙ ජන්ග්කුක් ගෙ රූම් එකත් එක්කම තියෙන ලොකු බැල්කනි එකේ. අඳුරු පාට බල්බ් වලින් එළිය වෙලා  තිබ්බ බැල්කනි එක වට පිටාවෙ අඳුරයි හඳ එළියයි එකතු වෙලා අමුතුම ලස්සනක් මවලා තිබ්බා. ජියෝන් මැන්ශන් එකේ ආරක්ශාවට ගාර්ඩ්න් එකේ තැන තැන ඉන්න ගාඩ්ස්ලව ටේහියුන්ග් ට හොඳින් පෙනුනා. ජන්ග්කුක් වොශ් කරන්න ගිය නිසා ටේහියුන්ග් බැල්කනි එකට වෙලා හිටියා .  ජන්ග්කුක් ළඟ ඉන්න ලැබුන එකට ටේහියුන්ග් සතුටු උනත් නම්ජුන් දැනගත්තොත් මොනා වෙයිද කියලා බයකුත් ටේට දැනුනා. ටේහියුන්ග් දන්නවා නම්ජුන් ප්‍රබලයෙක් උනත් ජන්ග්කුක් ට හානියක් කරන්න තරම් බලයක් නෑ කියලා. මොකද ජන්ග්කුක් නම්ජුන් ට වඩා අඩි ගාණක් ඉස්සරහින් හැම වෙලේම ඉන්නෙ. ඒත් ටේහියුන්ග් හැම වෙලේම ජන්ග්කුක් ගැන බය උනා. 

"මොනා ගැනද ඔච්චර හූල්ලන්නෙ බෙයා?"

එක්වරම ඉණ දෙපැත්තෙන් එතුනු සීතල අත් දෙකක් ටේහියුන්ග් ගෙ ඉණ වටෙන් ඇවිත් ඒ අත් දෙකේ අයිති කාරයගෙ ඇඟට ටේව හේත්තු කරගද්දි ටේහියුන්ග් එයා හිටපු කල්පනා ලෝකෙන් ගැස්සිලා ඇහැරුනා.

"කුකී, මම මේ මුකුත් නෑ. නිකන් ඔයා එනකම් මෙතනට වෙලා හිටියෙ."

ටේහියුන්ග් ජන්ග්කුක් පැත්තට හැරෙනවත් එක්කම ටේගෙ ඇස් දෙක ලොකු උනා. ජන්ග්කුක් ඉන්න හැටි දැකලා ටේගෙ වචනත් හිර උනා. ජන්ග්කුක් ගෙ තරමක් දිගට වවලා තිබ්බ කොණ්ඩෙන් තාමත් වතුර බිංදු බේරෙනවා. තවත් පහලට ගලාගෙන එන වතුර පේලියක් දැක්ක ටේහියුන්ග් ගෙ අතක ඇඟිල්ලක් ඒ වෙතට ගියෙ ඉබේමයි. වතුර පේලිය දිගේ ඇඟිල්ල අරන් ආපු ටේහියුන්ග් ගෙ ඇඟිලි ජන්ග්කුක් ගෙ නිපල්ස් වල වදිනවත් එක්කම ජන්ග්කුක් ටේගෙ අතින් අල්ලලා නැවැත්තුවා. ටේහියුන්ග් ගෙ ඇස් ජන්ග්කුක් ගෙ නිරුවත් පපුව පුරා එහෙ මෙහෙ ගියේ තමන්ව ඇතුලාන්තයෙන්ම උණුසුම් වෙනවා වගේ දැනෙද්දි.

Let Me Love You 🤟💜️Where stories live. Discover now