Chapter 27

210 36 2
                                    


ටේහියුන්ග් රැගත් ජන්ග්කුක් ට අයිති ජීප් එක Hannam hill වලට ඇතුල් උනා.

"ආම්.. මිස්ටර් ඕම නවත්තන්න. මං මෙතනින් බැහැලා යන්නම්."

ටේහියුන්ග් ඩ්‍රයිවර්ට තට්ටු කරලා කිව්වත් ඩ්‍රයිවර් නම් ඒ දේට කැමති උනේ නෑ.

"සර්, බොස් කිව්වෙ සර්ව ඇතුලටම එක්කන් ගිහින් මිසක් මගදි දාලා එන්න එපා කියලා. ඒ නිසා අපි ඇතුලෙ පාකින් එකෙන්ම නවත්තන්නම්."

ටේහියුන්ග් එතනින් එහා මුකුත් කියන්න ගියෙ නැත්තෙ ජන්ග්කුක් ගෙ වචන වලට පිටින් ගිහින් අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙනවා බලන්න බැරි නිසයි. Hannam hill හි මේන් එන්ට්‍රස් එක ළඟින් බැහැගත්ත ටේහියුන්ග් ඇතුලටත් යනකම් ඉඳලමයි ටේහියුන්ග් ආපු වාහනය එතනින් පිටත් උනේ.

"එක්ස්කියුස්මී සර්."

ටේහියුන්ග් ලිෆ්ට් එක ළඟට යන්න හැරෙනවත් එක්කම රිසෙප්ශන් එකේ හිටපු ලේඩි ඇවිත් ටේහියුන්ග් ට කතා කලා. ඒ නිසා ටේහියුන්ග් එතනම නැවතිලා බලන් හිටියා.

" සර්, මිස්ටර් කිම් ටේහියුන්ග් නේද?"

"ඔව් මම තමයි."

ටේහියුන්ග් පුදුම උනේ ඒ ලේඩි එකපාර තමන්ගෙ නම අහපු නිසයි.

" අහ්.. සර්ව හම්බෙන්න ගෙස්ට්ලා වගයක් ඇවිත් ඉන්නවා. දැන් ගොඩ වෙලාවක ඉඳලා ඉන්නෙ. සර් එනකම්ම ඉන්නවා කිව්ව නිසා ගෙස්ට් රූම් එකේ එයාලා ඉන්නවා."

ඒ ගෑණු ළමය කියපු නිසා ටේහියුන්ග් පුදුම උනා ආවෙ කවුද කියලා. මෙච්චර වෙලා තමන් එනකම් බලන් ඉන්න තරම් මොකක්ද තියෙන උවමනාව කියලා හිත ප්‍රශ්න කරද්දිම ටේහියුන්ග් ගෙස්ට් රූම් එක පැත්තට ඇවිදන් ගියා.

"හ්‍යුන්.."

ගෙස්ට් රූම් එකට වෙලා පැය ගාණක් ටේ එනකම් බලන් හිටපු දෙන්නව දැක්ක ටේ ගොඩක් පුදුම උනා නම්ජූන් එක්ක හෝසොක් ඇවිත් ඉන්නවා දැකලා. හෝසොක් නම් ටේව දැක්ක ගමන් ඇවිත් ටේහියුන්ග් ව තදින් බදාගත්තා. ටේත් ටික වෙලාවකට හැමදේම අමතක කරලා හෝසොක්ව හග් කලේ ඇස් දෙක පියාගන්න ගමන්. හෝසොක් කෝමත් නම්ජූන් වගේ තද ගති තියෙන කෙනෙක් නෙමේ නිසා ටේට හෝසොක් ගාවදි අපහසුවක් දැනුනෙ නෑ.

Let Me Love You 🤟💜️Where stories live. Discover now