Chapter 13

342 62 4
                                    


මැන්ශන් එකෙන් එලියට ආපු ටේ එයාගෙ වාහනේ අරන් වේගෙන් ගේට්ටුවෙන් එලියට දැම්මා. ඇස් වලින් පනින්න දඟලන කඳුළු ටේහියුන්ග් අමාරුවෙන් නවත්ත ගත්තා. එයාට අඬන්න ඕනෙ නෑ, තවත් දුර්වලයෙක් වගේ ඉන්න ඕනෙ නෑ හැම දේටම හ්‍යුන්ල අස්සට දුවන පොඩි එකෙක් වෙන්න ඕන උනේ නෑ. ටේහියුන්ග් කෙලින්ම ගියේ එයාගෙ අපාර්ට්මන්ට් එකට. ටේහියුන්ග් යනකොටත් දෝ යුන් එතනට ඇවිත් හිටිය. කාර් එකේ කී එක වොච්මන්ට් ට විසික් කරපු ටේහියුන්ග් එයාගෙ බෑග්ස් ටික අරන් එන්න කියලා දෝ යුන්ට ඇහෙන් පෙන්නමින් ඇතුලට ගියා.

"මං ඉන්න තැන ගැන කවුරුත් දැන ගත්තෙ නැති උනාට කමක් නෑ දෝ යුන් "

තමන්ගෙ පිටිපස්සෙන් ආපු දෝ යුන්ට ටේහියුන්ග් කිව්වේ බැරෑරුම් හඬකින්.

" දේ ටේහියුන්ග් ශි. ඔයා හොඳට රෙස්ට් කරන්න මං කෑම මොනා හරි රෑට ඕඩර් කරන්නම්. හදිසියක් උනොත් ඕන වෙලාවක කෝල් කරන්න."

දෝ යුන් අංශක අනූවටම නැවෙමින් ටේහියුන්ග් ට ආචාර කරන්න උනා. දෝ යුන්ට ටේහියුන්ග් කියන්නෙ දෙවියෙක් වගේ. කොලේජ් යන කාලෙ දෝ යුන්ට හැම වියදමක්ම කලේ ටේහියුන්ග් ඔම්මා අප්පා කවුරුත් නැති දෝ යුන්ට ටේහියුන්ග් ව දැනුනෙ එයාගෙ පවුල වගේ. දෝ යුන් ඒ නිසා ටේහියුන්ග් ට ගොඩක් ගරු කරනවා. හැම තිස්සෙම ටේහියුන්ග් ට ඕනම උදව්වක් කරන්න දෝ යුන් දෙපාරක් හිතන්නෙ නෑ.

"දේ . දැන් යන්න දෝ යුන් මට ටික්ක් තනියම ඉන්නෙ ඕනෙ."

ටේහියුන්ග් හට වචනයක්වත් නොකියුඉ දෝ යුන් ආයෙත් පාරක් නැමිලා ආචාර කරලා එතනින් පිට වුනේ ටේහියුන්ග් ට නිදහසේ ඉන්න ඉඩ දෙමින්. ටේහියුන්ග් ටික වෙලාවක් යනකම් හිස් බැල්මෙන් ඈත පේන නම්සන් ටවර් එක දිහා බලාගෙන ඉන්න උනා. එක පාරම ටේහියුන්ග් ට ජේකේ තමන් අසල බිම නිදාගෙන හිටපු හැටිත් ඒ අත තම පපුව මතින් වැටී තිබුණු හැටිත්, ඒ ඉටි රූපයක් වගේ කඩවසම් මූණත් මැවී පෙනුනා. ටේහියුන්ග් පුදුම උනේ හිතේ කොනකවත් නොතිබූ මතකයක් ආයෙ මතක් වුන නිසයි.

"ශිට්. මේ යකා නිසා තවත් නිදහසක් නෑනෙ"

වේගෙන් ඔලුව දෙපැත්තට ගසමින් ටේහියුන්ග් තමන්ටම කියා ගත්තෙ හරියට ඒ ඔලුව වනන වේගෙට ජන්ග්කුක් ගෙ මතකය එයාගෙන් අයින් වෙයි වගේ හිතමින්. ඒත් එක්කම අද ජිමින් දීපු කාඩ් එක මතක් වෙලා ටේහියුන්ග් ඉක්මණින් එය අතට අරන් ඒ දෙස බලා සිටියේ කතා කරනවාද නැද්ද යන බැල්මෙනුයි. අන්තිමේදි ටේහියුන්ග් ගෙ මොලේට වඩා හදවත ඉක්මන් උනේ ටේහියුන්ග් ගේ අතින් ජිමින්ගේ අංකය තම ෆෝන් එකේ දිස් වෙමින්.

Let Me Love You 🤟💜️Where stories live. Discover now