CHAPTER 4

368 56 6
                                    

At kim company -

ආර්එම් සහ ජේහෝප් සිටියේ කිම් කම්පැණි එකේ ආර්එම්ගෙ ඔෆිස් රූම් එකේ. තට්ටු 15කින් සමන්විත විශාල ගොඩැනැගිල්ලක් වුන මෙය නවීන මෝස්තරය අනුව නිමවූ සුපිරි පන්නයේ කම්පැණි එකක් උනා.

" බෝගම්.."

මෙතෙක් වෙලා ආර්එම් හා ජේ හෝප් අසල සිටගෙන සිටි බෝගම් දෙස බලා ආර්එම් කතා කරන්න උනා. බෝගම් කියන්නෙ ආර්එම් , ජේහෝප්, ටේ පොඩි කාලෙ ඉඳන් යාළුවෙක් වගේ ඇසුරු කල කෙනෙක්. බෝගම්ගෙ අප්පා ආර්එම්ගෙ අප්පා ජීවත් වෙලා ඉන්න කාලෙ මිස්ටර් කිම් යටතෙ වැඩ කරපු සේවකයෙක්. බෝගම් ආර්එම් හා ජේහෝප් සමවයස් උනා. බෝගම් සෑහෙන කාලෙක සිට කිම් පවුලට විශ්වාසවන්ත සේවකයෙක් උනා.

"බොස්"..

බෝගම් හිස නමා ආර්එම්ට ආචාර කලා.

"ජේකේට අලුතෙන් ඩීල් එක ඇවිත් තියෙන්නෙ කොහෙන්ද කියල හොයා ගන්න පුළුවන් උනාද?"

ආර්එම් බෝගම් දෙස තියුණු ලෙස බලමින් ඇහුවා.

" දේ බොස්. රශියා වලින් අලුත් ඩීල් එක. ඒක කෝටි ගාණක් වටින ඩ්‍රග්ස් ඩීල් එකක්. රශියා වල හොඳම ඩ්‍රග් සෙලර් කෙනෙක් මේ පාර ජේකේ එක්ක ඩීල් එක කරන්නෙ. ඒ විතරක් නෙමේ ඌ රශියා වල දරුණු අපරාධකාරයෙක්. උගෙ නම ලියෝ."

ආර්එම් ට සෑහිමකට පත් වෙන්න පුළුවන් උත්තරයක් බෝගම් දුන්නා.

" ඒ ඩීල් එක කොහොම හරි අපේ අතට ගන්න ඕනෙ"

ආර්එම් කිව්වෙ කට කොනින් හිනා වෙන ගමන්. මෙවර කොයිම විදියකින්වත් ඒ ඩීල් එක ජේකේට ගන්න දෙන්න බෑ කියන අදහසේ ආර්එම් හිටියෙ.

"මේ දවස් වල උන් කොරියාවට ඇවිල්ලා ඉන්නෙ බොස්. ඒ වගේම ලියෝ උගෙ මිනිස්සුත් එක්ක හැම රෑකම Fountain ක්ලබ් එකට යනවා. අද හෙටම ඩීල් එක සයින් කරයි"

බෝගම්ගෙ විස්තරය ආර්එම් කල්පනාවෙන් අහගෙන හිටියා.

" කීයක් යනවද කියන්න ප්‍රශ්නයක් නෑ බෝගම්. මට ඕනෙ ඩීල් එක ජේකේට නෙමේ මට ලැබෙන්නයි"

නම්ජූන් කෑ ගහන්න උනා. මේ වෙලාවෙ නම්ජූන්ට ඕනෙ උනේ තමන් ජේකේට බය නෑ කියල පෙන්නන්න වගේම ලේසියෙන් පරාජය කරන්න බෑ කියලත් පෙන්නන්න. ඒ වගේම නම්ජුන්ට ඕනෙ උනේ මේ වගේ වටින ඩීල් එකක් නැති උනාම ජේකේගෙ ප්‍රතිචාරය කොයි වගේද බලන්න.

Let Me Love You 🤟💜️Where stories live. Discover now