හත්දින්නත් තරු... BTS

180 45 7
                                    

නීල අහසේ එක් කොනක පෑයූ හත්දින්නත් තරු පොකුරක්...
ඉමක් කොනක් නොපෙනෙන අහස තරණය කරමින්
කුඩා තරු සමඟ සෙමෙන් සෙමෙන් දිගු ගමනක...
කාලය නම් හී සර වෙගෙන් දුවනා විට
නිල් පැහැ අහස ටිකෙන් ටික දම් පැහැ වූ බව
වලාකුළක් කීවාලු මුදුන් වූ හිරු සමග...
කුඩා තරු සාගරයේ ආදරයෙන් වටවුණු
හත් දින්නත් තරු පොකුර තව තවත් බැබලුණාලු
දම් අහසේ...
චණ්ඩ සුළි සුලන් හමුවේ වෙන්නොවී එකට බැඳි බැඳුමෙන්
තව තවත් දුර ආවාලු කිසි කෙනෙකුන් පා නොගැටුණු..
නව අවුරුදු පියාසැරියකට පසු
තරු එකිනෙක කතා වුණාලු
අහස් තරණයේ දෙවන ගව්ව පසු කිරීමට...
එහෙයින් ඔවුන් දීප්තියෙන් වැඩි නැවත පැමිණෙන තුරු
එදා ,අද මෙන් හෙටත් පුංචි තරු බලා ඉන්නවාලු එකටම...~

LAN_KIMRA

__________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________

Belle_AmeWhere stories live. Discover now