තෙල් පෝලිම්

112 28 14
                                    


"තෙල් පෝලිම්......."

රුපියල් සීයක දෙසීයක පෙට්‍රල්
බයික් එකට ගහන් පෝලිම් වල නොඉඳ
ගම වටේ කරක් ගැහූ දුර ඈත නොවන
අතීතයක් අපිටත් හිමිව තිබුණා...
නිදහසේ ගොස් ෆුල් ටෑන්ක් කරගෙන
රටවටේ කරක් ගැහු
අත ලඟ අතීතයක් අපිටත් තිබුණා..

හතර වටින් ශෙඩ් වටකර
වැස්සට තෙමෙන ,අව්වට කරවෙන
කිලෝමීටර් ගණන් දිගු පෝලිමක සිට
ලඟටම ගොස් තෙල් නැතුව ,තිබ්බ තෙල් ටිකත් පුච්චගෙන
ගෙදර ආපු වර්තමානයක් අපට තියෙනවා...

"අද මෙහෙටතෙල් එනවලු.."
"නෑ තව දවස් දෙකකින් ලු නැව එන්නේ "
නැව් එනතුරු මූදු දිහා බලා ඉන්නා තුරු
පෝලිම්වල හෙල්මට් ,බූලි වලින්
ඇණ කොටාගන්නා ආත්මාර්ථකාමී වර්තමානයක්
අපට තියෙනවා...

නාකි ටිකක් අතරේ බලය එහෙන් මෙහෙට මාරු වෙද්දි
Qr code එකවත් හදාගන්න බැරි
හදාගෙනත් තෙල් ටික ගහගන්න බැරි
පුහුදුන් මිනිසුන්
අහසට හීල්ලුවාලු
"අපිටත් හෙටක්......."


Lan_Kimra (ig : Ranu_adi)


උදේ නැගිටලා.බලද්දි තාත්තා තෙල් පෝලිමකට ගිහින්...
දැන් වහිනවා..........💔

මට මතකයි ඉස්සර මම චූටිකාලේ තාත්තා රුපියල් තුන්සීයක පෙට්‍රල් ගහගෙනත් ගියා පෝලිමක් කියලා නාමයක නොඉඳ.....

Belle_AmeWhere stories live. Discover now