බිඳුණු නටුව

35 18 7
                                    

හමන සුලඟට නැලවෙන
පෙති අටක වන මලකි මම
හඬන අහස් දියෙන් ගත නහවාගෙන
නැගෙන හිරු දෙස බලා සිටිමි මම
කොහේදෝ සිට ආ වියපත් බඹරෙකු
මා මත රැඟුම් රඟනා විට
එකිනෙක සිඳීයන පෙති දෙස බලා
ඉකි ගැසුවාලු මහ පොළව අද
පොඩිව ගිය පෙති දෙකක්
දෙකට නැමුණ නටුවක් සමඟ කඳුළ යටකර සිනහාසෙමි මම
මහ පොළව වෙනුවෙන් නැවත පීදෙමි
මගේ මුදුන් මුල හොඳට ඇති කල...

Lan_Kimra

මේකෙන් කියවෙන දේ හැමෝටම තේරෙනවා ඇති කියලා මම හිතනවා..
මොන දේ සිද්ධ වුණත් ඔයාගේ හිත හයිය නම් , මහ පොලව වගේ ඉඳන් අත පය හතර හොඳට හදපු අම්මයි තාත්තයි වෙනුවෙන් ආයෙම ජීවත් වෙන්න...

Belle_AmeWhere stories live. Discover now