ආදරය

43 18 3
                                    


නුඹ ගැන සිතක් ඇතත්
දෙඩීමට පද නොමැති කල
එලිසම එලිවැට ගලපා
පද ගොතමි අකුරු සතරක් වට කොට

නුඹ බිඳින කළ මා තැනූ සිත් මාලිගා
නැවත ගොඩනගමි බැලුමට වෙනතක් නොවන නිසා..
ගෙතූ පදවැල් ලිහී වැටෙන් විට
නුඹ සිටී වෙනතක් බලා..

" මුහුදේ ඉන්නේ එක මාළුවද "
කොතෙක් අය කොතෙක් කීවද සැමදා
ඵලක් නැත මේ ගොළු මුහුද රකින්නේ
ඒ එකම මාළුවා පමණක් නම්..!

Lan_Kimra

Request by @DEVILL_FROM_HELL

Belle_AmeWhere stories live. Discover now