පෙරුම් පුරා දිවිය පුරා
දසමස් කුස හොවා
නෙක නෙක වර්ණ හීනවල සතපා
නුඹ මෙලොවට දායාද කළෙමි මෙමාසිඟිති අත පය
සියුමැලි වටකුරු මුහුණ
සුරතල්ව උල්වූ දෙතොල
ඉල්ලා හඬනා විට කිරි කඳුළු
ලං කළෙමි අදරින් නුඹට පිදූ මා තන පුඩුවමුදු අත්වල පහස විඳුමට
දස මසක් කැප කළත් දුක් නැත
පුංචි බඩ ගෙඩිය පිරෙන්නට
තව හුඟක් කල් යයිද ?කෙතරම් වෙර දැරුවත්
රුහිරු බිඳු දෙක තුනක් පමණක්ම විය
සුදු කිරි බිංදු...නුඹ ඉල්ලා හඬනා විට කිරි කුසට
නුඹට වඩා මා හැඬුවා
කඳුළු කිරි වන තුරු..වීදුරු බෝතලයක ළා රස්නේ වතුරට
කිරිපිටි හැඳි දෙකක් එක්කොට
තැබුවෙමි නුඹ අත් අතරමට නොලැබෙන සිහින් අත් පහස
වීදුරු බෝතලයක් උදුරාගත් කල
නෙත කොනට නැගි කඳුලක් පිස දමමි මම...Lan_Kimra
Mad655 අක්කේ... හොඳයිද මේක..
අක්කා කියපු විදියට අම්මලා එක එක දේවල් නිසා පසු තැවෙනවා කියලා ..
ඉතින් මට මතක් වුණේ මගේ අම්මව.මම පවුලේ පළවෙනි ළමයා.. ඉතින් මට බොන්න , මට ඕනේ තරම් කිරි අපේ අම්මා ගාව තිබිලා නැහැ.
ඉතින් මම පොඩි කාලේ ගොඩක් වෙලාවට ඉඳලා තියෙන්නේ අඬ අඬ..රැහැයි බබා කියලා මට කියලා තින්නේ..
ඉතින් මාවත් අරන් අම්මයි තාත්තයි නොගියපු හොස්පිට්ල් එකක් නැහැ. මොනවා කරත් හරි ගිහින් නෑ.
ඉතින් මට කිරිපිටි දෙන්න වෙලා..අදටත් අම්මා මෙ සිද්ධිය ගැන කියද්දි දුක් වෙනවා..