ස්කෝලේ කාලේ

43 18 7
                                    

"දක්ෂිණ ලංකාවේ අග්‍රගන්‍ය වූද "
සතලිස් පස් තරංග කණ්ඩ වා තලයට මුහුකරමින්
ඇරඹි පස් අවුරුදු දීර්ඝ ගමන
කෙටි කොට දක්වමි මෙලෙසට..
රාඩෝ රෙද්දෙන් දිගු අත් සුදු ගවුමින්
වම්පස බබලන රිදී පැහැ නිල ලකුණින් සැරසී..
නංගියේ කෝ බැජ් එක ? කොහෙද ඔය යන්නේ ?
යන්න පේලියකට ..ඔහොම කොණ්ඩා මෙහේ බැහැනේ..
ඇයි මේ ගවුම දණට උඩින් ??
නිතරම මුවේ ගැවසුණි පද අද එකම කවියක..
රතු පාට බ්ලේසරේට ලොබ බැන්ද
දිගු සුදු අත්  හිමිකාරියක් වේ පිටුපස
හැම වැඩකම..
උඩට එසවූ බර උසුලන දෑත්
දහඩිය බේරෙන දොස් අසනා මූණත් තහඩු..
පිරිතට , දානෙට සියක් නෙක නෙක උත්සවවලට
එකි මෙකී කෝකටත් තෛලය සේ සිට
පස් අවුරුදු තිත්ත පැනිරහ මතක කැටිකොට
සමු ගන්නට අවසර දෙන්න මෑනියණි
ඔබේ සුදු දිග අත් ටිකට.........

Lan_Kimra

ඒ අවුරුදු වලට මට ආයෙමත් යන්න ඕනේ..
මම 9 වසරෙන් පස්සේ අත් කොට යුනිෆෝම් එකක් ඇඳලා නෑ. දැන් ඒක අමුතුයි වගේ 😂

ගොඩක් අය කිව්වත් ස්කෝලේ කොණ්ඩ හදන එක ගවුම් බලන එක වැඩක් නෑ කියලා... ස්කෝලෙකින් කරන්නේ උගන්නන එකම නෙමෙයි. ඒක ගෙදර ඉඳනුත් කරන්න පුළුවන් නේ. විනය හදලා පොලවේ පය ගහලා ඉන්න පුළුවන් පිරිසක් හදන එකයි ස්කෝලෙකින් කරන්නේ.

ඒක හොඳටම තේරෙනවා ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ හිටියම...

දන්නවද මගේ ප්‍රිෆෙක්ට් කාඩ් එක මොකක්ද කියලා.
නපුරු ප්‍රිෆෙක්ට් 😭😂 මල යකා වගේ නිසා ඉඳපු තරමක් හිටියේ මේන් ගේට්.
අපේ ප්‍රිෆෙක්ට් ජීවිතේ ගැන කියවලා බලන්න ඕනේ නම් It's Duty time කියවන්න.

Request by  Armygirl920 akka

මම මේක physics  පොතක් පිටිපස්සේ කාලෙකට කලින් ලියලා තිබ්බේ. අක්කා කිව්වම මතක් වුණා.

Belle_AmeWhere stories live. Discover now