කුවේණියේ

39 18 4
                                    

තඹ වැල්ලේ
හිරු කිරණින් දිදුලන
දෙපා සතපා
කපු කටින කුවේණියේ..

ජම්බුද්වීපයේ නැව් දැක
මැවුම් පෑ
කුවේණියේ..

ඇත් දල සිරුරට ලොල්ව
හෙල රැහැ බිලි දුන්
කුවේණියේ...

වෙන මලකට රස වැටී
කුමරුන් විසින් එලවූ
කුවේණියේ..

නුඹ ලෙයින් උපන්
වනයේ සැඟව ගිය
ජීවහත්ත දිසාලාගේ
ළමයින් අපියි
කුවේණියේ...

Lan_Kimra

විශේෂයක් නෑ නිකන් ලිව්වේ.

Belle_AmeWhere stories live. Discover now