ප්ලේටොනික ආලය

103 24 10
                                    

ප්ලේටොනික ආලය

අහඹුවකින් හමු වූ දෙනෙතක්
හිස්තැනින් ගෙනගිය දිවිය පුරවා
ගැහෙන හදවතටම සම හදවතක් වූ...

සිතුම් ,පැතුම් සමවීම් හමුවේ
පුදුමයට පත් දෑස් සතරින්
කල්ප ගණනක් ගෙවී ගියත්
තෙපලූ බස් සිනහවකින්ම නතර වූ...

නම නොදත් හැඟීමකට
පෙම් බඳිනාවිට  කුඩා කිරිල්ලියක ඇසුවාලු
මේ බැඳීම නම් කිමදැයි ?

මුවට නැගි මදහසින්ම තෙපලමි මා..
සම , මස් ,ඇට මැදින් දිව ගිය මෙය නම්
මිතු දමින් ඈතට ගිය ....
රාගයට පෙර නැවතීම දැකි
සීමාවක් නොමැති වූ
එක් සුන්දර මායාවක්....~

Lan_Kimra







මෙහෙම ආලයක් තියෙන අය ❤රතු හාට් එකක් දාගෙන යන්න.

Belle_AmeWhere stories live. Discover now