දෙවියනේ...

36 19 7
                                    

හඳුන්කූරු දුමෙන්
රතු නිල් මලින්
වටව කුටියක සැඟව සිටින
දෙවියනේ.....

කැපූ නොකැපූ
සුවඳ ඵලින්
පුද ලබන
දෙවියනේ...

දාහේ කොළ දෙකට
පන්සීයේ කොළ දෙකට
වැඩිපුර යාතිකා වලට
ආසිරි පතන
දෙවියනේ...

ඔය කුටි ඇතුලේ
තිර රෙදි අතරින්
මේ මිනිසුන් විඳිනා දුක
පෙනෙනවද
දෙවියනේ...?

Lan_Kimra

ඒක වෙනමම බිස්නස් එකක්

Belle_AmeWhere stories live. Discover now