"එයා හවස ඉදන් ඔතනමයි"
ගාර්ඩ්න් එකේ තණකොල උඩ හාන්සි වෙලා අහස දිහා බලාගෙන හිටිය මට හෝසෝක් හියුන් එක්ක කතා කරන තාත්තගේ කටහඬ හොදටම ඇහුණත් මං නෑහුණා වගේ හිටියා.
මගේ කියන්න තියෙන හැමදේම නැතිවුණා කියලා දැන දැනත් තවත් ජීවත් වෙන්නෙ ඇයි කියලා හිත හිත ඉන්න මට එයාලගෙ කොහෙවත් යන ප්‍රශ්නවලට උත්තර දෙන්න කිසිම වුවමනාවක් තිබුණෙ නෑ.
හියුන් මං ගැන වදවෙනවා ඇති. ඒත් කවදා වෙනකන් ද?
මං ගැන වැඩිපුරම වදවුණු කෙනත් මාව කවුරුත් නෙවෙයි වගේ අතහැරලා ගිහින් තියෙද්දි මට ඊට වඩා දෙයක් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
මං ලග හැමදාම ඉන්න බොරු පොරොන්දු දුන්න එයා අද යන්නම ගිහින් ඉද්දි එයා වගේම මගේ තනි මැකුව ඔයත් අද රෑ ඇවිත් නෑ.
වෙනදට ඔයා වෙනුවෙන් බලන් ඉන්න මං වගේම පුංචි පුංචි තරු දහස් ගානක් අදත් ඒ විදිහටම ඔයාව බලාපොරොත්තු වෙනවා.
ඒත් තාමත් ඔයා නෑ. අද ඔයා එන්නෑ කියලා දැන දැනම මාත් තාමත් බලන් ඉන්නවා.
ඒත් මං වැරදි නෑ. මං දන්නවා ඔයත් වැරදි නෑ.
ඔයා එයා වගේ නෙවෙයි. එයා ගියේ ආයෙ නොඑන්න. ඒත් අද නැතත් හෙට ඔයා එනවා කියලා මං දන්නවා. ඉතින් මට විශ්වාසයි ඔයාව. පුංචි කුමාරයාව දාලා ගිය රතු රෝස මලට වඩා පුංචි කුමාරයාට විශ්වාසයි ඔයාව.
ඒත් ඔයා තරහවෙන්නෑ නේද මේ පුංචි කුමාරයා එයාව දාලා ගිය රෝස මලට ඔයාට වඩා චුට්ටම චුට්ටක් වැඩියෙන් ආදරේ කරනවා කිව්වොත්?
"චිම්! දැන් එලියෙ සීතලයි. ඔයා ඇතුලට එන්න ඕනි."
හෝසෝක් හියුන්ගෙ කටහඬ ඇහෙද්දි තණකොල උඩ තිබුණ ෆෝන් එක අතට අරන් මං නැගිට්ටා.
YOU ARE READING
NYCTOPHILE | Jikook
Fanfiction"ජන්කුක් දන්නවද මේ මල්?" "එ.. එන්ජලික් ටියුලිප්" ... "ජන්කුක් දන්නවද මට මේ මල් දකිද්දි කෙනෙක්ව මතක්වෙනවා." "අම්මා?" ජන්කුක්ට ඇහුණා ජිමින් ලොකු හුස්මක් ගන්නවා. "නැහැ. මට අම්මාත් මතක්වෙන එක ඇත්ත ඒත් මං කියන්නෙ අම්මා ගැන නෙවෙයි." "එහෙනම්?" "ටේව!"