"ජිමින්ට ඒක දැනුනෙ කොහොමද? ජිමින්ගේ first kiss එක?"
ජන්කුක් කිව්ව වචන නිශ්ශබ්දව අහගෙන හිටිය ජිමින්ගෙන් ජන්කුක් අහනකොට අදුරෙ වුනත් ඒ ඇස් දිලිසෙන විදිහ දැක්ක ජන්කුක්ට දැනුනෙ කලකිරීමක්. තමන් ජිමින්ගේ හැමදේම විනාස කරා වගේම ඉස්සරහටත් කරන්නෙ ඒකමයි කියන එක ජන්කුක්ව ඕනෙවටත් වඩා රිද්දුවා.
'ඇයි ඒ ජැක්සන්ම වුනේ'
හැමදාම වගේ දවසේ සියවෙනි වතාවටත් ජන්කුක් තමන්ගෙම හිතට මුමුණගත්තෙ කලකිරීමෙන්. තමන් ගැනම තරහින්.
"ඒක ඒක හරිම අමුතුයි."
එකින් එක වචන ගලපන ජිමින්ව පෙනුනෙ හරිම හුරතල් විදිහට. Meeting එකේ හිටිය ජිමින්මද ඉන්නෙ කියලා ජන්කුක්ට සැක හිතෙන තරමට ජමින් හුරතල්.
"ඒක මම කවදාවත් හිතුවෙ නැති දෙයක්. මට කිසිම දෙයක් දැනුනෙ නැහැ. එයාව ඇරෙන්න. ඇත්තටම මට.. මට එයා ගැන පුදුමයි. ඒත් මම බයයි ජන්කුක්. මම ගැන හැමදේම දන්නෙ නැති එයා දවසක ඒ දේවල් දැනගත්තාම කොහොම හැසිරෙයිද කියලා මම බයයි. එයා මාව අතහරියි කියලා මම බයයි. එයාට ඒ දේ කරන්න සම්පූර්ණ අයිතිය තිබුණත් මම බයයි ජන්කුක්"
වචන ටික අවසානෙ ජිමින්ගේ කටින් හීනි ඉකියක් පිටවෙද්දි හැමදේම මොහොතකට අමතක කෙරුව ජන්කුක් ජිමින්ව ඇදලා අරන් තමන්ගේ පපුවට තුරුලු කරගත්තෙ ජිමින් ජන්කුක්ගේ තෙත් වුණු කමිසය තදින් අල්ලගෙන ඒ පපුවට තවත් තුරුලු වෙන ගමන් හයියෙන් ඉකිගහලා අඩද්දි.
ජන්කුක්ට රිදුණා. ඒ හිත ඕනෙවටත් වඩා රිදුනා. ජිමින්ට දුක් වෙන්න ඉඩ නොතියන්න පොරොන්දු දුන්න ජන්කුක්ගේ තුරුලෙම ජිමින් අඩනකොට ජිමින්ට වඩා රිදුනෙ ජන්කුක්ට කියන්න ජිමින් දැනගෙන හිටියෙ නැහැ.
"ෂ් චිම්.. හැමදේම හරි.. ඔයා හැමදේම හිතින් හිතාගෙනනේ.. කිසිම නරක දෙයක් වෙන්නෑ.. ඔයා හොදින්..ම්.."
ජිමින්ව තවත් තදින් පපුවට තුරුලු කරගෙන ඔහුගේ හිසකෙස් අතරෙ අතැගිලි යවන ගමන් හිමින් ඒ කන්වලට ජන්කුක් මුමුණනකොට ජිමින්ගේ හීනි ඉකි හිමින් හිමින් නැවතිලා ගියත් ජිමින් ජන්කුක්ගේ තුරුලෙන් ඈත් වුණේ නැහැ.
YOU ARE READING
NYCTOPHILE | Jikook
Fanfiction"ජන්කුක් දන්නවද මේ මල්?" "එ.. එන්ජලික් ටියුලිප්" ... "ජන්කුක් දන්නවද මට මේ මල් දකිද්දි කෙනෙක්ව මතක්වෙනවා." "අම්මා?" ජන්කුක්ට ඇහුණා ජිමින් ලොකු හුස්මක් ගන්නවා. "නැහැ. මට අම්මාත් මතක්වෙන එක ඇත්ත ඒත් මං කියන්නෙ අම්මා ගැන නෙවෙයි." "එහෙනම්?" "ටේව!"