25

127 35 30
                                    

අවුරුදු තුනකට පස්සෙ කාලෙකට කලින් තමන් පිටවෙලා ගිය එයාපෝට් එක ඉස්සරහම ජන්කුක් හිටගෙන හිටියා.




කෙනෙක්ව බලාපොරොත්තුවෙන්.




විනාඩි කිහිපයකින් කලු පාට බෙන්ස් කාර් එකක් ඇවිත් ජන්කුක් ඉස්සර නවත්තනකොට ඔහුගේ මුහුණ හිනාවකින් පිරුණත් ඒ හිනාව මැකිලා යන්න ගියේ තත්පර කීපයයි.




කාර් එක ඇතුලෙ හිටියෙ ඔහු බලාපොරොත්තුව වුණු පුද්ගලයා නොවෙද්දි ඉක්මනින් කාර් එකට නැග්ග ජන්කුක් ගැඹුරු හුස්මක් ගත්තා.




"යුන්ගි හියුන්ග් ආවෙ නැද්ද හෝසෝක් හියුන්ග්?"




මාස කිහිපයක ඉදලා තමන්ගේ කෝල්ස් වලටවත් යුන්ගිගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නැති එක ගැන ජන්කුක්ට තිබුණෙ ලොකු ප්‍රශ්නයක්.




හෝසෝක්ට කෝල් කලත් යුන්ගි හොදින් ඉන්නවා කියන එක ඇරුණු කොට වෙනත් දෙයක් නම් ජන්කුක්ට දැනගන්න ලැබුණෙ නැහැ.





ඒත් ජන්කුක් බලාපොරොත්තු වුණා එයාගේ යුන්ගි හියුන්ග් එයාව ගන්න එයාපෝට් එකට එයි කියලා.




ඒත් අවසානෙ ඒකත් හිතලුවක් විතරයි.




"යුන්ගි මේ දවස්වල බිසී ජන්කුක්"




හෝසෝක්ගෙන් ජන්කුක්ට ලැබුණු පිලිතුරත් එක්ක හුස්මක් පහත දැම්ම ජන්කුක් ෂීට් එකට ඔලුව බර කරලා ඇස් පියාගත්තා.



.
.
.



ජියෝන් මැන්ෂන් එක ඉස්සරහා නැවැත්තුව කාර් එකෙන් බැස්ස ජන්කුක් හුරුපුරුදු පරිසරය විදින ගමන් අඩි දෙක තුනක් ඉස්සරහට ගියේ තවමත් කාර් එක ඇතුලෙ හිටිය හෝසෝක් ඇස් වල කදුලු පුරවගෙන ඒ දිහා බලාගෙන ඉන්නකොට.




ජන්කුක්ට අඩි දෙක තුනකට වඩා ඉස්සරහට යන්න ලැබුණෙ නැහැ.




ඇරුණු ජියෝන් මැන්ෂන් එකෙන් එලියට ආව පුද්ගලයා ජන්කුක්ව ඉන්න තැනම නතර කලා.




නම්ජුන් එක්ක කතා කරමින් ජියෝන් මැන්ෂන් එකෙන් එලියට ආව යුන්ගි පවා තත්පර කීපයක්ම ජන්කුක් දිහා ඔහේ බලාගෙන හිටියත් ඔවුන් එකිනෙකාට දිහා බලාගෙන ඉන්නවා කියලා තේරුණු තත්පරේම වෙනතක් බලාගත්තා.




NYCTOPHILE | JikookOù les histoires vivent. Découvrez maintenant