09

213 55 28
                                    


කනට අමාරු සංගීතය මැද්දෙ පිස්සුවෙන් වගේ ඔහේ නටන කෙල්ලො කොල්ලො මැද්දෙන් බාර් කවුන්ටර් එක ලගට ගිය මම එතනින් වාඩිවෙලා ක්ලබ් එක පුරාම ඇස් යැව්වා.





තැන තැන එක එක විදිහෙ මිනිස්සු එක එක විදිහට නාස්තිවෙනවා.





ඒ ගැන හිත හිතම මම බාර් කවුන්ටර් එක පැත්තට හැරුණා.





කාලයක් තිබුණා මමත් මේ වටේ ඉන්න මිනිස්සුන්ගේ තත්වෙම හිටිය. මාත් නාස්තිවුණා. මගේ ආදරේ කියලා හිතාගෙන හරි මම වෙන අය එක්ක හිටියෙ කොහොමද කියලවත් මං දන්නෑ. කොහොම වුනත් මං එහෙම කරා කාලෙකට කලින්.





ඒත් ඒ හැමවෙලාවෙම හැමදේකම මොකක් හරි වැරැද්දක් තිබුණා. සමහරවිට ඒක තාමත් තියෙනවා.





රිදෙන ඔලුවට සහනයක් වෙන්න මම ඔලුව කවුන්ටර් එක උඩ ටික වෙලාවක් තියාගෙන හිටියා.





මට දවසම මෙතන ඉන්න බෑ. ඉවර කෙරුවෙ නැති වැඩ ගොඩක් මගේ ඔලුව ඇතුලෙ මැවෙද්දි මං ඔලුව ඉස්සුවා.





"මට Citrus Fizz දෙකක් දෙන්න"





ජැක්සන් මගේ එහාපැත්තෙ වාඩිවෙන ගමන් බාර් එකේ ඉන්න කොල්ලට කිව්වෙ මං දැන් බෑ කියන මූණකින් එයා දිහා බලද්දි.





"උඹේ ඔය හිත ටිකක් නිදහස් කරගනින් ජන්කුකා.."





මේ හිත කවදාවත් නිදහස් නෑ කියන්න ඕනි වුණත් ආය ආය මං නිසා තව කෙනෙක් විදිනවා දකින්න තියෙන්න අකමැත්තට මම හිතට ආව හොදම දේ කියලා දැම්මා.





ඒත් මං දන්නවා ඒකෙන් තේරුමක් නෑ. ජැක්සන් මාව සන්සුන් කරන්න මොන විදිහකින් හරි මොකක්හරි කරනවා.





"ඒත් වැඩ? කම්පැනි එකෙයි යුනිවර්සිටි එකෙයි වැඩ පිරිලා බං. දැන් පරක්කුවෙනවා."





"මං දන්නවා උඹ මෙතන්ට එන්නෙ හිත නිදහස් කරගන්න කියලා. ඉතින් ටිකක් ඉදපන්."





"ඒත් _




"ඒත් මේත් නෑ ජන්කුක්.. ආ ගන්න"





ජැක්සන් කිව්වෙ Citrus Fizz එකක් මගේ අතට දෙන ගමන්. ඒ එක්කම එයාගෙ Citrus Fizz එක එක හුස්මට බිව්ව ජැක්සන් වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටෙ එයා වොශ් රූම් එකට යනවා කියලා ඇහෙන් පෙන්න ගමන්.





NYCTOPHILE | JikookWhere stories live. Discover now