Main house එකේ ගාර්ඩ්න් එකේ බෙන්ච් එකක වාඩිවෙලා ඇස්දෙක වහගෙන ඉන්න ජිමින් දිහා ජන්කුක් දිගින් දිගටම බලාගෙන හිටියා. යන්තමින් හමන හුලගට එහා මෙහා වෙන ජිමින්ගේ හිසකෙස් ජන්කුක්ට නම් බාධාවක් වුනේ නැහැ. ජන්කුක්ට විශ්වාසයි ජන්කුක්ට පුලුවන් මුලු ජීවිත කාලයම වුනත් ඔහු ලගින් ඉන්න මේ තරුණයා දිහා බලාගෙන ඉන්න.
"ජිමින්"
අවසානෙ ජිමින්ගෙන් ඇස් අරන් වෙනතක් බලාගත්ත ජන්කුක් ඇහෙන නෑහෙන ගානට මුමුණනකොට ඇස් ඇරිය ජිමින් ජන්කුක් දිහා බැලුවා.
"ම්?"
"මං දන්නෑ.. මම.. මට මේක කියන්න අයිතියක් තියෙනවද කියලා.."
ජන්කුක් බිදුණු කටහඬකින් මුමුණනකොට තවත් ජන්කුක්ට ලංවුණු ජිමින් ජන්කුක් එකට පටලවගෙන ඉන්න අත් උඩින් අත තිව්වා.
"ජියෝන් ජන්කුක්ට පාර්ක් ජිමින්ට කියන්න අයිතියක් නැති එහෙමත් නැත්තම් කියන්න බැරි දෙයක් තියෙනවද? ම්? මම දැනගෙන හිටියෙ නෑනේ."
ජිමින් හුරතල් විදිහට කියනකොට පොලොව දෙසට හැරවිලා තිබුණු ජන්කුක්ගේ ඇස් ජිමින් දිහා බලනකොට ජිමින්ව ගැස්සිලා ගියා.
ජන්කුක්ගේ කලු පැහැති ඇස්වල කඳුලු පිරිලා ගිහින්.
"කු..කුකී.. මො.. මොකද මේ?"
තත්පර කිහිපයක් ඇතුලත ජිමින්ගේ ඇස්වලත් කදුලු පිරිලා යනකොට ජිමින් ඉක්මනින් ජන්කුක්ගේ කම්මුලක අත තියලා ඇහුවත් ජන්කුක් දිගින් දිගටම ජිමින්ගේ ඇස් දිහා කදුලු පිරුණු ඇස්වලින් ඔහේ බලාගෙන හිටියා.
"කූ?"
ජිමින් යන්තමින් මුමුණනකොට ඉක්මන් වුනු ජන්කුක් ජිමින්ව තදින් වැලදගත්තෙ ඔහුගේ කදුලු ජිමින්ගේ කමිසය තෙත් කරනකොට.
මොහොතක්වත් පරක්කු නොවුනු ජිමිනුත් ආපිට ජන්කුක්ව වැලදගත්තෙ තමන්ගේ ඇස්වලින් වැටෙන්න උත්සාහ කරන කදුලු අමාරුවෙන් පාලනය කරගන්න ගමන්.
"මට.. මට.. ඔයාගෙන්_
"මගෙන් සමාව ඉල්ලන ඔයා වැරැද්දක් කරලා නැහැ නේ කුකී. ඉතින් ඇයි මේ? මගේ ජන්කුකී එයාගේ ජිමිනිට වැරැද්දක් කරලා නෑ. ඒ නිසා සමාව ඉල්ලන නම් එපා. මට බෑ එච්චර පව්කාර වෙන්න."
YOU ARE READING
NYCTOPHILE | Jikook
Fanfiction"ජන්කුක් දන්නවද මේ මල්?" "එ.. එන්ජලික් ටියුලිප්" ... "ජන්කුක් දන්නවද මට මේ මල් දකිද්දි කෙනෙක්ව මතක්වෙනවා." "අම්මා?" ජන්කුක්ට ඇහුණා ජිමින් ලොකු හුස්මක් ගන්නවා. "නැහැ. මට අම්මාත් මතක්වෙන එක ඇත්ත ඒත් මං කියන්නෙ අම්මා ගැන නෙවෙයි." "එහෙනම්?" "ටේව!"