02

340 83 34
                                    


වැහි බින්දු එක දෙක වැටෙද්දි පදික වේදිකාවෙ කුඩ ඉහලගෙන එහාමෙහා යන මිනිස්සු අතරෙ හිමින් හිමින් ඇවිදගෙන යන පොඩි තරුණ කොල්ලව කැපිලා පෙනුනා.


සමහර මිනිස්සු කොල්ලට රැව්වා. කොල්ලගේ උරහිසේ හැප්පීගෙන යද්දි තරහෙන් එක එක වචන මිමිනුවා.


සමහර මිනිස්සු කොල්ලා දිහා අනුකම්පාවෙන් බලාගෙන ගියා.


මොකද වැස්සෙන් බේරෙන්න පුලුවන් විදිහෙ ඇදුමක්වත් කුඩයක්වත් මේ තරුණයා ලග තිබුණෙ නෑ. එහෙමයි කියලා ඒ මිනිස්සු පොඩ්ඩකට නතර වෙලා මේ කොල්ලට උදව් කරන්න කරදර වුනාද? කීයටවත් නෑ.


එයාලා අනුකම්පාසහගත විදිහට කොල්ලා දිහා බලලා එයාලා හොද මිනිස්සු බව ලෝකෙට පෙන්නුවා. එච්චරයි.


තවත් සමහර මිනිස්සු එතන කිසිම කොල්ලෙක් නැතිගානට මේ තරුණයව පහුකරගෙන ගියා.


ඒත් ඒ අන්තිම කොටසට අයිති වුණ මිනිස්සු ගැන ජිමින් සතුටු වුණා. ජිමින්ට එයාලව අදාල නෑ වගේම එයාලට ජිමින්ව අදාල නැති විදිහට එයාලා හැසිරෙන එකට ජිමින් කැමති වුණා.


උදේ තම තමන්ගෙ රාජකාරි වලට යන මිනිස්සුන්ගෙන් එන්න එන්න පදික වේදිකාවෙ සෙනග වැඩි වෙනවා කියලා තේරුණ නිසා පාර අයිනෙ තිබුණ කොෆි ෂොප් එකක දොර ලග වාඩිවුණ ජිමින් දොරට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා.


ඇස් පියාගන්න ගමන්ම ඒ කොෆී ෂොප් එක හවසට විතරක් අරින එකක් වුණ එක ගැන හිතෙන් පින් දුන්න ජිමින්ට ගානක් ගියේ නෑ එයාගෙ තෙත බරිත වෙලා තිබුණු එයාට වඩා ලොකු සුදු කමිසය ගැන.


ගොඩක් දුර ඇවිද්ද නිසා රිදෙන යටිපතුල් ගැන, තෙත වෙලා නලලට ඇලිලා තියෙන කොන්ඩෙ ගැන, සීතල නිසාම වෙව්ලන එයාගෙ තොල් ගැන, ජිමින්ට මේ දේවල් ගැන කිසිම තැකීමක් තිබුණෙ නෑ.


එයාගෙ හිතේ තිබුණෙ ඉන්න තැනක් හොයාගන්නෙ කොහොමද . යුනිවර්සිටි යන එක නවත්තන්නෙ නැතුව ඉන්න සල්ලි ටිකක් හොයාගන්නෙ කොහොමද කියන ප්‍රශ්න.

NYCTOPHILE | JikookOnde histórias criam vida. Descubra agora