17

176 45 18
                                    

"ජන්කුක්! ජන්කුක් ඔහොම නවතින්න!"


කලු ඩෙනිම් කලිසමට කලු කමිසයක් ඇදගෙන ජැකට් එකයි බයිසිකලයේ යතුරයි අතට ගත්ත ජන්කුක් දොරෙන් එලියට යන දිහා බලාගෙන පඩිපෙලේ දුවගෙන ආව හෝසෝක් කෑ ගැහුවා.



ඒත් එයා පරක්කුයි.




කාලෙකින් හරියට කාලා නැතිවුණත් ජන්කුක් පිටට පේන්න තරම් දුර්වලවෙලා හිටියෙ නැහැ.



ඒත් හෝසෝක්ගෙ තත්වෙ ඊට වඩා වෙනස් වුණා. වැවිලා ගිය කොණ්ඩෙ, ඇදිලා ගිය ශරීරයත් එක්ක එයාව පෙනුනෙ පිටසක්වල ජීවියෙක් වගේ.



"ජන්කුක්..."



පඩිපෙලේ මැද හරියෙ හිටගෙන හති අරින හෝසෝක්ගේ කටින් පිටවුණේ පුංචි මිමිණුමක්.
තත්පර කීපයකට කලින් ජන්කුක්ගේ බයිසිකලය මැන්ෂන් එකෙන් පිටවෙලා යන සද්දෙ ඇහුණත් හෝසෝක්ට ඒක විශ්වාස කරන්න ඕන වුණේ නැහැ.



පඩිපෙල උඩ වාඩිවුණ හෝසෝක් තමන්ගේ අතේ පැලදගෙන හිටිය මුදුව ඇගිල්ලෙන් ඉස්සරහටත් පස්සටත් තල්ලු කරා. වෙව්ලන තොල් එකට තද කරගත්ත හෝසෝක්ගේ ඇස් තිබුණේ ජන්කුක් විනාඩි කීපයකට කලින් පිටවෙලා ගිය මැන්ෂන් එකේ ප්‍රධාන දොර ලග.



හෝසෝක්ගේ වෙව්ලන තොල්වල මිමිණීම් එයාටවත් ඇහුනෙ නැති තරම්.



"ටේ.. ටේටේ.. ඇයි ඇයි අපිට ඕනි වෙලාවෙම ඔයා අපිව දාලා ගියේ.."



_________________________________________



අදත් එන්ජලික් මල් දිහා ඔහේ බලාගෙන ඉන්න සුරදූතයා දිහා දුර ඉදන්ම බලන් හිටිය ජන්කුක් හිමින් හිමින් සුරදූතයා ලගට අඩිය තිව්වා.



දවස පුරාම ප්‍රශ්න වලින් අවුල් වෙලා තිබුණ ජන්කුක්ගේ ඔලුවට දකින දසුන සහනයක් ගෙනාවත් හිත යටින් දැනෙන හීනි රිදුමට සහනයක් ජන්කුක්ට ඕන වුණේ නැහැ.



ඕන වුණේ නැහැ වගේම ජන්කුක්ට ඒ සහනයක් ලැබුණෙත් නැහැ.



හිමින් සුරදූතයා ලගටම ආව ජන්කුක් තණබිස්සෙ සුරදූතයා ලගින්ම වාඩිවුනත් සුරදූතයා නම් එන්ජලික් මල් දිහාම බලන් හිටියෙ ජන්කුක් කියලා කෙනෙක් එතන නැහැ වගේ.



NYCTOPHILE | JikookWhere stories live. Discover now