35

94 31 106
                                    

වැහුනු තිර රෙදි සුවපහසු විශාල ඇද කාමරයේ පැත්තකින් තිබුණු විශාල සෝපාව වගේම පොත්වලින් පිරුණු පොත් රාක්කය කාමරයට අමුතුම පෙනුමක් එක් කලා.


කාමරය පුරාම පැතිරුණ නැවුම් එන්ජලික් මල් සුවද ඒ කාමරයේ ජිමින්ට ඇති අයිතිය කියා පෑවා.


විනාඩි කිහිපයක ඉදලම සෝපාවෙ වාඩිවෙලා හිටිය පිරිසෙන් හෝසෝක් ඇදේ වාඩිවෙලා කකුල් දෙක වන වන බිම බලාගෙන ඉන්න ජිමින් දිහා බැලුවෙ කතාව කොතනින් හරි පටන් ගන්න.


"ජිමින්"


හෝසෝක් කියනකොට වේගෙන් හිස ඔසෙව්ව ජිමින් හෝසෝක් දිහා බැලුවා.


"අපි මේ කොහෙද ඉන්නෙ?"


"ඊට කලින් අපි අදුන ගමු"


හෝසෝක්ට පිලිතුරු විදිහට මිමිණුව ජිමින් ඇදෙන් නැගිටලා අඩි කිහිපයක් ඉස්සරහට ආවා.


තත්පර කීපයක් ඇතුලත යුන්ගි, නම්ජුන්, ජින්ව අදුන ගත්ත ජිමින් හිටගෙනම කතාව පටන්ගත්තෙ ජන්කුක්ගේ ඇස් ජිමින් ලගම නැවතිලා තියෙනකොට.


"අපි හැමෝම බිස්නස් ෆීල්ඩ් එකේ අය. ඉතින් මේ ගැන හැමෝම දන්නවා කියලා මං හිතනවා. හැම බිස්නස් එකකම මම කියන්නෙ රෑන්කින් වල මුලින් තියන හැම බිස්නස් එකකටම පුංචි හරි ගෑන්ග් එකක් තියෙනවා. එයාලාගේ බිස්නස් වෙනුවෙන්. ඕනම වුනු දෙයක් කොහොම හරි ගන්න. හොදින් නැත්තම්.. මම කියන්න ඕනි නැහැ නේ. හැබැයි මේ ගෑන්ග් එක වෙනස්. මේකත් බිස්නස් වෙනුවෙන් හැදුව එකක් තමයි. හැබැයි බිස්නස් එක ආරක්ෂා කරගැනීමේ අරමුණින්. ඉතින් මේ තියෙන්නෙ එක විදිහකට මගේ ගෙදර. තවත් විදියකට වික්ටර්ගේ වික් company gang එකේ main house එක."


ජිමින් කතාව නවත්තනකොට තරහෙන් නැගිට්ට හෝසෝක් ජිමින්ගේ ජැකට් එකෙන් ඇදලා ගත්තත් ජිමින් සාමාන්‍ය විදිහටම හෝසෝක් දිහා බලාගෙන හිටියා.


"පිස්සු හැදිලද ජිමින්??? වික්ටර් තනිකරම ජියෝන්ට වැඩ කරන මනුස්සයෙක්. තමුන් කොහොමද එහෙම එකෙක්ව විශ්වාස කරන්නෙ?? ආ??"


හෝසෝක් ජිමින්ගේ මූණටම කෑ ගහනකොට යටි තොල හපාගත්ත ජන්කුක් වෙනතක් බලාගත්තෙ හෝසෝක් තරහින් ජිමින් දිහා බලාගෙන ඉන්නවා බලන්න බැරි තැන.


NYCTOPHILE | JikookWhere stories live. Discover now