18

162 40 11
                                    


ඔහුගෙ මුහුණට විතරක් වැටිලා තියෙන පරිගණක තිරයේ එලිය අදුරු කාමරය ඇතුලෙ කැපිලා පෙනුනා. මුහුණු ආවරණය නිසා ඔහුගේ ඇත්තම මුහුණ නොපෙනුනත් ඒ තුලින් පෙනුන ඇස්වල මිනිහෙක් පවා අලු කරන්න පුලුවන් තියුණු බවක් ගැබ්වෙලා තිබුණා.



" විදවන්න ඕනි නැත්තම් ඔතනින් පැත්තකට වෙන්න.!"



කාමරයට එලියෙන් හුරුපුරුදු කටහඬක් සන්සුන් නමුත් උස් හඩකින් ඇහෙද්දි පරිගණක තිරය දිහා බලාගෙනම ඔහු කටකොනකින් හිනාවුණා. අරමුණ මොකක් වුණත් ඒ හිනාව බයානකයි.



වාසනාවකට ඒක දකින්න කාමරය ඇතුලෙ කිසිම පුද්ගලයකු හිටියෙ නැහැ වගේම හිටියත් ඔහුගේ මුහුණු ආවරණය නිසා ඒක පෙනුනෙ නැහැ.



කාමරයට පිටතින් වේදනාවෙන් කෑ ගහන හඩක් එක්කම කාමරයේ දොර ඇරෙන සද්දෙ ඇහෙද්දි ඒ පැත්තට අවධානයක් නොදීම ඔහු දිගටම පරිගණක තිරයේම ඔලුව ඔබාගෙන හිටියෙ ලාවට හිනාවෙන ගමන්.



"ඇත්තට කොහොමද ඔයා මේ මිනිස්සු එක්ක වැඩ කරන්නෙ වික්ටර්!!"



ඇරුණු දොර සද්දෙන් වැහෙනවත් එක්කම වේගෙන් ඔහු ලගට ඇවිදගෙන එන ගමන් උස් හඩින් කතා කරන පුද්ගලයා දිහා ඔලුව උස්සලා බැලුව වික්ටර් පැලදගෙන හිටිය මුහුණු ආවරණය ඉවත් කරේ ඔහුගේ මුහුණු ආවරණයට වැහිලා තිබුණ හිනාව දොර ඇරගෙන ආව තරුණයට පේන්න සලස්වලා.



"එයාලා මගේ ආරක්ෂාව ගැන වදවෙනවා ජේකේ"



තමන් ඉස්සරහ පුටුව ඇදලා ගන්න ගමන් වාඩිවෙන තරුණයා දිහා බලාගෙන වික්ටර් කිව්වෙ තරුණයා වික්ටර්ට රවද්දි.



"ආරක්ෂාව?? ඔයාව කවුරුහරි ඇවිත් උස්සන් යනකම්වත් ඒ මිනිස්සු දන්නෑ!"



"හරි නම් මේ වෙද්දි එයාලා ඇතුලට එන්න ඕනි. ඔයා එයාලට නැගිටගන්න බැරිවෙන්න ගැහුව කියලා නම් කියන්න එපා කොල්ලෝ."



"ගැහුවෙ නෑ අනේ. ඔයාගෙ පොඩි ටෙක්නික් ටිකක් යූස් කරා."



"වදුරොන්ට දැලි පිහි හම්බවුණාම වෙන දේ ගැන මට මීට වඩා හිතන්න තිබුණා."



NYCTOPHILE | JikookWhere stories live. Discover now