රැස්වීම පටන් ගන්න විනාඩි දෙක තුනක් තියෙද්දි කොට් එකේ බොත්තම් දාන ගමන් ඉක්මනින් Meeting room එක ඇතුලට ගිය ජන්කුක් කලබලෙන් හැමෝටම ආචාර කරත් Meeting room එක ඇතුලෙ ඔහු බලාපොරොත්තු නොවුනු පිරිසක් ඉන්නවා දැක්ක ජන්කුක්ගේ නලල රැලි වුණා.
ප්‍රධාන පුටුවෙ වාඩිවෙලා හිටිය ජන්ග් එහෙමත් නැත්තම් ජියෝන්ට ලගින්ම තිබුණු හිස් පුටුවෙන් වාඩිවෙන ගමන් දිගු මේසයේ වාඩිවෙලා හිටිය ප්‍රධාන පෙලේ company වල ප්‍රධානීන්ටත් ඔවුන්ගේ company වල ඊලග හිමිකරුටත් ඇස් යැව්ව ජන්කුක්ගේ ඇස් හුරුපුරුදු ඇස් දෙකක් එක්ක පැටලෙනවත් එක්කම ජන්කුක්ට තමන් හුස්ම ගන්න ඕනි කියන එකත් අමතක වුණා.
ඔව්. ඒ හිටියෙ පාර්ක් ජිමින්. හැබැයි ඒ ජන්කුක් දන්න ජිමින් නෙවෙයි.
වෙනත් දවස්වල ඩෙනිම් කලිසමට ඔහුටත් වඩා ලොකු කමිස ඇදලා කොණ්ඩයත් අවුල් කරගෙන හුරතල් පාටට ඉන්න ජිමින්ගේ ඡායාවක්වත් ජන්කුක්ට පේන්න තිබුණෙ නැහැ.
ඒ වෙනුවට පිලිවෙලට සකස් කෙරුව හිසකෙස් එක්ක කලු පැහැ ඔෆිස් කිට් එකක් ඇදගෙන හිටිය මූණෙ හිනාවක් ගෑවිලාවත් නැති ජිමින්ව පෙනුනෙ බය හිතෙන තරම් සරාගී විදිහට.
එක තත්පරයකට ජන්කුක්ට නොහිතුණා නෙවෙයි ඔහු ඉන්නෙ සමාන්තර ලෝකෙක කියලා.
ඒත් ඔවුන්ගේ ඇස් ගැටිලා තත්පර කිහිපයකින් ජිමින් ජන්කුක් දිහා බලලා මලානිකව හිනාවෙනකොට පියවි සිහියට ආව ජන්කුක්ත් ජිමින්ට මලානික හිනාවක් පා කරේ ඔහුත් ජිමින් වගේම මේ දේට කැමැත්තක් නැහැ කියන්න වගේ.
"මිස්ටර් ජිමින්?"
ජන්කුක්ගෙන් ඇස් අහකට අරගෙන තමන්ට ඉස්සරහින් වාඩිවෙලා හිටිය ජැක්සන් දිහා බලාගෙන ලාවට හිනාවෙමින් හිටිය ජිමින් ගැස්සිලා ගියේ ජියෝන් ජේ, එහෙමත් නැත්තම් ජන්ග් ජේ ප්‍රධාන අසුනේ අසුන්ගෙන ඉන්න ගමන්ම ජිමින්ට කතා කෙරුව නිසා.
ජන්කුක් පවා ජිමින් දිහා බැලුවෙ ජේ ගැන ඇත්ත දන්න නිසා වගේම ඔහු ජිමින්ගෙන් අහන්න යන දේ දැනගන්න වුවමනාවෙන්.
YOU ARE READING
NYCTOPHILE | Jikook
Fanfiction"ජන්කුක් දන්නවද මේ මල්?" "එ.. එන්ජලික් ටියුලිප්" ... "ජන්කුක් දන්නවද මට මේ මල් දකිද්දි කෙනෙක්ව මතක්වෙනවා." "අම්මා?" ජන්කුක්ට ඇහුණා ජිමින් ලොකු හුස්මක් ගන්නවා. "නැහැ. මට අම්මාත් මතක්වෙන එක ඇත්ත ඒත් මං කියන්නෙ අම්මා ගැන නෙවෙයි." "එහෙනම්?" "ටේව!"