31

102 31 32
                                    

උපරිම වේගෙන් නම්ජුන් අලුතින් ගත්ත නිවසට මෝටර් රථය පැදෙව්ව ජන්කුක් underground parking එකේ කාර් එක නවත්තලා ඉක්මනින් parking එකෙන්ම ඇතුලට යන විදිහට හදලා තිබුණු දොර ඇරගෙන ඇතුලට ගියා.



ජන්කුක් ඇතුල් වුණු පොඩි රූම් එකට පැත්තකින් තිබුණු තවත් දොරකට කෝට් එකට අත දාලා ගත්ත කාඩ් එක ඇතුල් කෙරුව ජන්කුක් නැවත ඒක ගත්තෙ දොරටම සම්බන්ධ වුණු ස්කෑනර් එකකින් ජන්කුක්ගේ මුහුණ පරීක්ෂා කරද්දි.



හඩක් නොනගාම තත්පර කිහිපයක් ඇතුලත ඇරුණු දොරෙන් ඇතුලට ගිය ජන්කුක් elevator එකකට ඇතුලු වුණේ පුදුම තරම් හදිස්සියකින්.



ඒ elevator එක හදලා තිබුණෙ underground එකට යන්න. නම්ජුන් ගත්ත නිවස පිටින් සාමාන්‍ය විදිහට පෙනුනත් ඒ නිවසේ underground එක වෙනමම අංග වලින් සමන්විත වුණා.



Elevator එකෙන් එලියට ආව ජන්කුක් කෝට් එක ගලවලා අතට ගන්න ගමන් කොරිඩෝවක පෙනුමක් ගත්ත තැනකින් ඉදිරියට ඇවිදගෙන ගිහින් කලු පැහැ දොරකින් කාමරයකට ඇතුල් වුණේ කාමරය ඇතුලෙ හිටිය පිරිස ගැස්සිලා යනකොට.



"යාහ් ජියෝන් ජන්කුක්!! දොරවල් වහලා තියෙන්නෙ තට්ටු කරන්න"



ලැප්ටොප් පරිගණක කිහිපයක් මේසයක් උඩ තියාගෙන මේසය වටේ පුටු කිහිපයක වාඩිවෙලා හිටිය පිරිසගෙන් ජින් කෑ ගැහුවත් ජන්කුක් ඒක ගනන් ගත්ත බවක් පෙනුනෙ නැහැ.



"තට්ටු කරලා ඇරෙනකම් බලන් හිටියා නම් අපි අද මෙතන නෑ හියුන්ග්"



හෝසෝක් හිනාවෙලා කියනකොට යුන්ගිගෙත් නම්ජුන්ගෙත් ජන්කුක්ගෙත් මූණූවල ලාවට හිනාවක් ඇදුණා.



"මොකද පරක්කු වුණේ ජන්කුක්?"



හිනාව මකලා දාලා බැරෑරුම් බවකින් නම්ජුන් අහනකොට මහන්සියට හුස්මක් පහත දැම්ම ජන්කුක් පැත්තක තිබුණු පුටුවකට කෝට් එක දාලා කමිසයේ බොත්තම් දෙකකුත් ගලවන ගමන් හිස් පුටුවකින් වාඩිවුණා.



"අර මනුස්සයා meeting එක කරගෙන යනවාට වඩා කරේ අනුන්ගේ ඕපදූප හොයන එක හියුන්ග්. තව මම එනකොට ජිමින් එක්කත් ටිකක් කතා කරලා ආවෙ."



NYCTOPHILE | JikookWhere stories live. Discover now