12

162 53 23
                                    

කැෆටේරියා එකේ සුපුරුදු ටේබල් එකේ වාඩිවෙලා ඉන්න ජන්කුක් ලොකු කල්පනාවක. ඒ හිත බිදිලා ගිහින්.




ඒත්?




කෑලි වලට කුඩු කරලා දැම්ම හිතක් ආයෙත් බිදෙන්නෙ කොහොමද?




අනිවාරෙන්ම බිදුණු හිත ආයෙම හදනකොට ජන්කුක් අතින් ලොකු වැරැද්දක් වෙලා. වීදුරු වලින් හදන්න හදන්න වැටෙන වැටෙන ගානෙ ඒ හිත ආයෙ ආයෙම කුඩු වෙලා යනවා කියලා ජන්කුක්ට අමතක වෙලා.




අපරාදෙ ජන්කුක්ට තිබුණා ඒ හිත ගල් වලින් හදන්න. සමහරවිට එයා තාමත් පරක්කු නැතුව ඇති.




"කූ??"




ඔලුවත් බිමට නමාගෙන කල්පනාවක හිටිය ජන්කුක් ගැස්සිලා ගියේ හෝසෝක්ගේ කටහඬට.




Being Mortal කියලා ලොකු අකුරින් ගහලා තියෙන පොතකුත් ටේබල් එක උඩ තියන ගමන් හෝසෝක් ජන්කුක්ගේ එහා පැත්තෙන් වාඩිවුණා.




"මොකක්ද අවුල?"




මූණටම එබිලා හෝසෝක් අහද්දි දිග හුස්මක් අරන් පහත දැම්ම ජන්කුක් හෝසෝක් දිහා බැලුවෙ හෝසෝක්ටවත් කියවගන්න බැරි හැගීම් ගොඩක් ඇස්වල තියාගෙන.




"හියුන්ග්ට මතකද කාලෙකට කලින් අපි කතා වුණා අපි හැමෝගෙම එන්ගේජ්මන්ට්ස්, වෙඩින්ග්ස් එකට ගමු කියලා?"




ජන්කුක් අහද්දි හෝසෝක් ගොලු වුණා.




ඔව් එයාට මතකයි. අකුරක් නෑරම කොහොම අමතක කරන්නද ඒ අතීතය. ඒ හැමෝගෙම සතුට තිබුණ තැන. හැමෝම ජීවත් වුණ තැන. ආයෙ නොඑන හැම සුන්දර මතකයක්ම ඉපදුණු තැන.




"මං දන්නවා හියුන්ග්ට මතකයි. කොහොම අමතක කරන්නද? නේද හියුන්ග්?"




"කූ"




හෝසෝක්ගේ කටහඬට වෙව්ලුවා. කිසිම දෙයක් නොදැන හිටියත් මේ වෙන කිසිම දෙයක් එයාලට උදව්වක් වෙන්නෑ කියලා හෝසෝක්ට නිකමට වගේ තේරුණා.




"මං ගිහින් ආවාම අපි ඒක තියන්න හිතාගෙන හිටියෙ. හියුන්ග්ට මතකද දන්නෑ මං එදා කෙනෙක්ගේ අතේ එල්ලිලා ඇඩුවා. මට යන්න බෑ කියලා. එයා කිව්වා මං එනකම් එයා එදාට බලන් ඉන්නවා දැනට ගිහින් එන්න කියලා. එයා පොරොන්දු වුණා හියුන්ග්. ඒත් අද මං එතන්ට එන එකත් එයාට පිලිකුල් වෙලා. දුන්න හැම පොරොන්දුවක්ම දුන්න අයම කඩද්දි මං තව දුරටත් පොරොන්දු මත්තෙ නැහෙන්න ඕනිද හියුන්ග්?"




NYCTOPHILE | JikookWhere stories live. Discover now