19

121 41 13
                                    

හෝසෝක්ට දැනීමක් තිබුණෙ නෑ එයා කොහොමද මේ වෙද්දි ජිමින්ගේ කාමරයේ දොර ඉස්සරහ හිටගෙන ඉන්නෙ කියලා. එයාට ඒ ගැන හිතන්න වුවමනා වුනෙත් නැහැ.




හෝසෝක්ට කිසිම අදහසක් තිබුණෙ නැහැ එයා කරන්න ඕනි මොකක්ද කියලා. එයා හිටියෙ බය වෙලා. ජිමින්ගේ ඒ කෑ ගැහිල්ල හෝසෝක්ට ආයෙ ආයෙම පරණ සිද්ධි මතක් කරද්දි එයා කරේ මේ වෙද්දි පිස්සුවෙන් වගේ ජිමින්ගේ කාමරයේ දොරට ගහන ගමන් ජිමින්ට දොර අරින්න කියලා කෑගහන ජන්කුක් දිහා ගල්වෙලා බලන් ඉන්න එක.




මොහොතකට කලින් කෑම මේසයේ වාඩිවෙලා හිටිය හැමෝම මේ වෙනකොට හිටියෙ හෝසෝක්ගේ තත්වෙමයි.




ඒත් තත්පර කීපයකින් ජන්කුක්ගේ කෑ ගැහිල්ල අඩුවෙද්දි පියවි සිහියට ආව හෝසෝක් ජන්කුක්ගේ අතින් අල්ල ගනවත් එක්කම ජන්කුක් වෙව්ලන තොල් හපාගෙන හෝසෝක් දිහා බැලුවා.




ඒ ඇස් අසරණයි. කවදාටත් වඩා.




"ජ.. ජන්කුක් .. ඔ..ඔයා ඔයා.. ලග ති.. යෙන කාඩ් එක"




හොසෝක් කියලා ඉවරවෙන්නත් කලින් ජන්කුක් එයා ලග තිබුණු ජිමින්ගේ කාමරයේ අමතර කාඩ් එක අතට අරගෙනත් ඉවරයි.




කොහොමද ජන්කුක්ට ඒක අමතක වුණේ..
ජිමින්ගේ කාමරේ අමතර කාඩ් එකක් තමන් ලග තිබුණා නේද කියලා කොහොමද ජන්කුක්ට අමතක වුණේ..




දැනෙන නිහඬ බව ජන්කුක්ගේ අසරණකම දෙගුණ තෙගුණ කරද්දි මාස දෙකකට කලින් හැමදේම දැනගත්ත දවසෙ දැනුන අසරණකම ජන්කුක්ට දහස් ගුණයකින් වැඩි වෙලා දැනෙද්දි ජිමින්ගේ කාමරය ඇතුලට අඩිය තිව්ව ජන්කුක්ට දැනුනෙ තමන්ව කැරකෙනවා වගේ.



කාමරය පුරාම ඇස් යැව්වත් කිසිම කෙනෙක්ට ජිමින්ගේ ඡායාවක්වත් දැකගන්න බැරි වෙනකොට හැමෝම හිටියෙ අසරණවෙලා.




හෝසෝක්, මිසිස් ජියෝන්, ජියෝන්ලත් එක්ක රෑ කෑමට එකතුවුණු නම්ජුන් ඒවගේම ජන්කුක් හිටියෙ පිස්සු හැදිලා වගේ.




විශේෂයෙන්ම ජන්කුක්.




ඒත් ඇයි ඒ?




ඒ ජන්කුක්ගේ සහෝදරයා.




ඒකද හේතුව?




නැත්නම් අයිතියක් නොකිව්ව, කවදාවත් අයිතියක් නොකියන, කවදාවත් අයිතියක් බලාපොරොත්තු නොවුණ ඒ හිත ද ඒ හේතුව?



ජන්කුක් නම් උත්තරය දන්නවා ඇති.




ඒත් ජන්කුක්ට අමතක වුණ දෙයක් තිබුණා.



එයා වගේම තවත් කෙනෙක් ඕනෙවටත් වඩා මේ වෙලාවෙ කලබලයි කියලා ජන්කුක්ට අමතක වුණා.




තමන් කලබලවෙලා කිසිදෙයක් කරන්න බෑ කියලා ජන්කුක්ට අමතක වුණා.



හැමදේම තියෙන්නෙ තමන් අතේ කියලා ජන්කුක්ට අමතක වුණා.



ඒ වගේම මේ වෙලාවෙ තමන් වගේම කලබල වෙලා ඉන්න මිස්ටර් ජියෝන්ව ජන්කුක්ට අමතක වුණා.




ජන්කුක්ට විතරක් නෙවෙයි. හැමෝටම අමතක වුණා.




ඉතින් කවුරුත් දැක්කෙ නෑ මේ වෙද්දි ජිමින්ගේ කාමරයේ දොර ලග ඉදගෙන පපුවත් අල්ලන් බිම වාඩිවුණු ජියෝන්ව.....






වෙන විදිහකට කිව්වොත්













පාර්ක් හියුසික්ව!




































A/N

Hii

Chapter එක ටිකක් පොඩි තමයි. සොරි ඒකට❤

ප්‍රශ්න තියෙනව නම් අහන්න.


මට අහන්න දෙයක් තියෙනවා..

ඔයාලට කතාව එපා වෙනවා වගේද?

මට එහෙම හිතෙනවා.

මුල් Chapters වල තිබුණ views, comments, votes දැන් නෑ.

මගේ writing style එකේ අවුලක් නිසාද ඒ?

නැත්තම් මේ කතාව විකාරයක් නිසාද?

මට කියන්නකෝ.. එතකොට මට පුලුවන් වැරදි හදාගන්න.

ආදරෙයි හැමෝටම
පරිස්සමින් ඉන්න.❤







To be Continued...

NYCTOPHILE | JikookWhere stories live. Discover now