22

150 39 42
                                    

හීනියට හමන හුලගෙ සීතල වෙනස දැනෙද්දිත් ෆෝන් එක අත් අතරෙ තද කරගත්ත ජන්කුක් තමන්ට ඉස්සරහින් තියෙන ග්‍රේව් එක දිහා බලාගෙන හිටියා.




කතා නොකලත් කතා කරන ඒ ඇස් ග්‍රේව් එකේ කෙටුනු අකුරු උඩ එහෙ මෙහෙ ගියේ දහස් වාරයක් සමාව ඉල්ලන ගමන්.




"KIM TAEHYUNG"




ග්‍රේව් එකකට වුනත් ඒ වචන ලස්සන වැඩියි. ජන්කුක්ට හිතුනෙ එහෙම.




බිම වැටුණු වේලුණු කොල හීනි හුලගට එහාමෙහා යද්දි මලානිකව හිනාවුණු ජන්කුක් ෆෝන් එක අත්වලට තවත් තද කරගත්තා.




"හෙලෝ"




ඔහුට පිලිතුරු ලැබුණෙ නැහැ.




"හෙලෝ...

නම්ජුන් හියුන්ග්...

මම ජන්කුක්.."




එකවරම නැවතුණු හුලග ජන්කුක්ට සුබදායක හැගීමක් ගෙනාවෙ නැහැ. හැමදේම ඕනෙවට වඩා නිහඬ වෙලා. ජන්කුක්ට ඒක තදින්ම දැනුනා.




තව දුරටත් පිළිතුරක් නැතිවෙද්දි දැනෙන්න ගන්න හිස් හැගීමට ජන්කුක් වෛර කරා.




තමන් වැරදියි. ජන්කුක් දැනගෙන හිටියා.




ඒත් දඩුවම?




දඩුවම තමන්ව වඩා වැරදියි කියලයි ජන්කුක්ට හිතුණෙ. ඇයි එක අවස්ථාවක් දෙන්න බැරි. එකම එක අවස්ථාවක්.




"පො..පොඩ්ඩෝ.."




බලාපොරොත්තු නැත්තටම නැතිවුණු ඒ හිතට ඊලග තත්පරේ ඇහුණ වචන විශ්වාස වුණේ නැහැ.




ඒක වෙන්න බැහැ..




ජන්කුක්ගේ හිත හිතන්න බල කරන විදිහට හිතන්න ජන්කුක්ට ඕනි වුණා. ඒත් ආයෙමත් හීනියට දැනෙන හුලග ජන්කුක්ට ගෙනාවෙ විශ්වාසයක්.




"හි..හියුන්ග්??"




කැඩෙන වචන අස්සෙන් ජන්කුක් හිනාවුණා. කදුලු පිරුණු ඇස් එක්කම.




"කුකී.. ඔයා හොදින්ද?? පොඩ්ඩෝ??"




නොනවත්වා ගලන කදුලු අස්සෙන් හිනාවෙන ජන්කුක්ට දැනුනා ඒ හැගීම. කාලෙකට කලින් ජියෝන් මැන්ෂන් එකට ආව නම්ජුන්ට දැනුන හැගීම.




NYCTOPHILE | JikookWhere stories live. Discover now