අවසානෙ ජන්කුක් හිතුව තැනට ලං වෙන්න ගනිද්දි තදින් ඇස් පියාගත්ත ජන්කුක් ෂීට් එකට හිස තද කරගත්තා. වාහනයේ ඒසී එකෙත් ජන්කුක්ට දාඩිය දාන්න අරන්.
අවසානෙ වාහනේ නැවතුනා.
කරන්න දෙයක් නැතිම තැන ඇස් ඇරලා බැලුව ජන්කුක්ගේ ඇස් නැවතුනේ හුරුපුරුදු underground parking එකේ.
එකට පටලවගෙන ඉන්න ඇගිලි හොදින්ම වෙව්ලනවා දැනෙද්දි ජන්කුක්ගේ ඇස් හිමින් ජිමින් ලග නතර වුණා. වෙන කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැති තැන ජිමින් දිහා බැලුවත් තමන්ට යොමු වෙලා තියෙන ජිමින්ගේ සෘජු බැල්ම ජන්කුක්ට සන්සුන් වෙන්න යන්තමින්වත් උදව්වක් වුණේ නැහැ.
"ජි..ජිමින්?"
ජන්කුක් කොච්චර උත්සාහ කරත් ඔහුගේ කටහඬ පවා වෙව්ලන්න අරන්. ජන්කුක් දැනගෙන හිටියෙ නැහැ මේ තැන ගැන ජිමින් දන්නෙ කොහොමද කියන එක. ඒ ගැන හිතන්න තරම් සන්සුන් මනසක් ජන්කුක්ට තිබුණෙත් නැහැ.
"එයාලාට එන්න කියන්න ජන්කුක්. අමතක නොකර මේ නවත්තලා තියෙන SUV එකක කී එකකුත් අරගෙන එන්න කියන්න."
ජිමින් පාකින් එකේ නවත්තලා තියෙන වාහන දිහා බලන ගමන් කියනකොට ජන්කුක්ට හුස්ම ගන්න පවා අමතක වුණා.
"මොකක් ගැනද ජිමින් කියන්නෙ? මේ මේ කොහෙද?"
ජන්කුක්ට ඕන වුණා ජිමින් කොච්චර දුරට දේවල් දන්නවද කියලා හොයාගන්න. ඒත් ජන්කුක්ට අමතක වෙලා තමන් කියන වචනයක් ගානෙ වෙව්ලනවා කියලා.
"ජන්කුක් කතා කරනවද නැත්තම් මම ගිහින් ඒකත් කරන්නද?"
බෙන්ස් එකෙන් බහින ගමන් ජිමින් කියනකොට ගැඹුරු හුස්මක් ගත්ත ජන්කුක් වෙව්ලන අත්වලින් ෆෝන් එකත් අරන් වාහනෙන් බහින ගමන් ජිමින් දිහා බැලුවා.
ජන්කුක්ව බය වෙන්න තිබුණු එකම හේතුව එයාලා කරන දේවල් වලට ජිමින් සම්බන්ධ වෙයි කියන එක. ජන්කුක්ට ඕනි වුණේ නැහැ ජිමින් ආයෙම විදවනවා බලන්න. ඒත් කාටවත් නොදැනිම ජිමින් හැමදේම දැනගෙන කියන එක ඒ ඇස්වල රැදුණු සෘජු බැල්මෙන් තේරුම් යද්දි ෆෝන් එක දිහා බැලුව ජන්කුක් නම්බර් එකක් ඩයල් කරා.
![](https://img.wattpad.com/cover/318268414-288-k889597.jpg)
YOU ARE READING
NYCTOPHILE | Jikook
Fanfiction"ජන්කුක් දන්නවද මේ මල්?" "එ.. එන්ජලික් ටියුලිප්" ... "ජන්කුක් දන්නවද මට මේ මල් දකිද්දි කෙනෙක්ව මතක්වෙනවා." "අම්මා?" ජන්කුක්ට ඇහුණා ජිමින් ලොකු හුස්මක් ගන්නවා. "නැහැ. මට අම්මාත් මතක්වෙන එක ඇත්ත ඒත් මං කියන්නෙ අම්මා ගැන නෙවෙයි." "එහෙනම්?" "ටේව!"