38

107 31 84
                                    

"ලියා.. are you ok?"




මේසයේ හිස තියාගෙන ඉන්න ලියාට ලංවුණු ටේහියුන්ග් ඇගේ සිනිදු හිස කෙස් යන්තමින් පිරිමදින ගමන් ඇහුවා. ටේහියුන්ග්ගේ කටහඬේ ගැබ්වෙලා තිබුණෙ කරදර වෙන බවක්.




"I'm ok ටේ"




ලියා යන්තමින් මුමුණනකොට හිමින් ජිමින්ගේ අත අතහැරිය ජන්කුක් ගිහින් ලියා ලගින්ම පුටුවක් ඇදලා වාඩිවුණේ මේසය උඩින් ගන් එක තියලා ලියාගේ උරහිසෙන් අතක් තියන ගමන්.




"සොරි ලියා. ඇත්තටම මට ඒ වෙලාවෙ කරන්න දෙයක් මතක් වුනේ නැහැ."




ජන්කුක් හිමින් කියනකොට ඒ තරම් වෙලාවක් මේසයේ හිස තියාගෙන හිටිය ලියා හිස ඔසවලා ජන්කුක් දිහා බැලුවා.




"මම හොදින් ජන්කුක්. ඒක එච්චර දෙයක් නෙවෙයි. අනික ජිමින් ගන් එක ප්‍රැක්ටිස් කරන සමහර වෙලාවල් වලට මමත් එයත් එක්ක ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන හිතන්න එපා. මම හොදින්."




ලියා කියනකොට ජන්කුක් ඇස් කොනකින් බැලුවෙ ලියාගේ ඉස්සරහින් තියෙන පුටුවක වාඩිවෙන ජිමින් දිහා.




වෙන කාටත් වඩා ඔහුගේ රෝස මලව දන්න ජිමින් දැනගෙන හිටියා ලියා කලබල වෙලා ඉන්නෙ ප්‍රොජෙක්ට් එක ගැන මිසක් වෙඩි තිව්ව සද්දෙට නෙවෙයි කියලා.




ඒ අතරෙ ජන්කුක්ගේ ඇස් නැවතිලා තිබුණෙ නොසන්සුන්ව එහෙ මෙහෙ යන ජිමින්ගේ ඇස්වල. ජිමින් කොහොම හරි පැටලිලා තියෙන දේ ලිහන්න උත්සාහ කරනවා කියලා ජන්කුක්ට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.




"ජන්කුක්ගේ ප්‍රොජෙක්ට් එක කොහෙද?"




ජිමින් එකපාරම අහනකොට ඒ වෙනකොටත් ජිමින් දිහා බලාගෙන හිටිය ජන්කුක් ටේහියුන්ග් දිහා බැලුවා.




"මගේ රූම් එකේ.. ම්.. ඇත්තටම ටේ මට දුන්න රූම් එකේ"




"ඒක ඔයාගේ තමයි කුකී"




කාලෙකට පස්සෙ ටේහියුන්ග් හුරතල් හිනාවක් එක්ක කියනකොට නොදැනීම ජන්කුක්ගේ මුහුණෙත් හුරතල් හිනාවක් ඇදුනත් මේ දිහා බලාගෙන හිටිය ජිමින්ගේ මුහුණෙ ඇදුණු හිනාව දැක්කෙ ලියාම විතරයි.




NYCTOPHILE | JikookWhere stories live. Discover now