"වාව්"
පොඩි වුනත් අමුතුම තාලයේ නම්ජුන්ට අයිති පුංචි ගෙදර පුරාම ඇස් යැව්ව ජන්කුක් පැත්තක තිබුණු සෝෆා එකට වැටුණේ කෙටි හුස්මක් පහත දාන ගමන්.
සෝෆා එකට ඔලුව තද කරගත්ත ජන්කුක් ඇස් තදින් පියාගත්තෙ හෝසෝක් වගේම නම්ජුන්නුත් ජන්කුක් දිහා හැගීම් පිරුණු ඇස් වලින් බලාගෙන ඉද්දි.
"මට සමාවෙන්න හියුන්ග්"
දවසේ සියයවෙනි වතාවට විතර ජන්කුක් මුමුණද්දි ජන්කුක්ට රැව්ව හෝසෝක් කිචන් එක පැත්තට යද්දි ඇස් රෝල් කෙරුව නම්ජුන් ජන්කුක්ට එහා පැත්තෙන් සෝෆා එක උඩ වාඩිවුණේ ජන්කුක් දිගටම තදින් ඇස් පියාගෙන ඉද්දි.
"ජියෝන් ජන්කුක්.. තමුන් ආය ඕක කිව්වොත් පොඩි එකා කියලා බලන්නෑ මේ රෑම ගෙදරින් ඇදලා දානවා එලියට. මහ රෑ සීතලේ ගැහි ගැහි ඉන්න.."
බොරු තරහක් පිරුණු කටහඬකින් නම්ජුන් කියනකොට ඇස් ඇරිය ජන්කුක්ගේ තොල්වල මලානික හිනාවක් ඇදිලා තිබුණා.
නම්ජුන් දිහා බැලුව ඒ ඇස් දිගින් දිගටම සමාව ඉල්ලුවත් ඒ සමාව ඇතුලෙ තිබුණා ඉස්සරහට මොනවා වුනත් අතීතෙ වුන දේ ආයෙ වෙන්න දෙන්නෙ නැහැ කියන බැල්මත්.
"කුකී "
කිචන් එකේ ඉදන් උණුසුම් කෝපි කෝප්ප දෙකක් අරගෙන ආව හෝසෝක් ඒවා සෝෆා එකට ඉස්සරහ මේසය උඩින් තියනකොට තත්පර කීපයක් නිහඬව හිටිය නම්ජුන් කතා කරන්න පටන් ගත්තා.
"අපි ඇත්තට මුහුණ දෙන්න ඕනි කුකී.. ඒ ඇත්ත මොකක් වුනත්.. ඔයා දන්නෙ නැති ගොඩක් දේවල් තියෙනවා.. කුකී ලෑස්තියිද ඒ දේවල් දැනගන්න??"
ගැඹුරු හුස්මක් අරන් පහත දැම්ම ජන්කුක් ඔලුව හෙල්ලුවා.
"මං ලෑස්තියි හියුන්ග්"
"ඕනම දේකට??"
"ඕනම දේකට"
මේ වතාවෙ හුස්මක් පහත දැම්ම නම්ජුන් ෆෝන් එක අතට ගන්නවත් එක්කම ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ නම්ජුන්ගේ මුහුණෙ ඇදුණු මලානික හිනාව ජන්කුක්ට දකින්න සලස්වලා.
YOU ARE READING
NYCTOPHILE | Jikook
Fanfiction"ජන්කුක් දන්නවද මේ මල්?" "එ.. එන්ජලික් ටියුලිප්" ... "ජන්කුක් දන්නවද මට මේ මල් දකිද්දි කෙනෙක්ව මතක්වෙනවා." "අම්මා?" ජන්කුක්ට ඇහුණා ජිමින් ලොකු හුස්මක් ගන්නවා. "නැහැ. මට අම්මාත් මතක්වෙන එක ඇත්ත ඒත් මං කියන්නෙ අම්මා ගැන නෙවෙයි." "එහෙනම්?" "ටේව!"