04

268 78 122
                                    

3rd person's pov

"කූ මොකක්ද ඔය සද්දෙ??"



පඩිපෙල පැත්තෙන් සද්දයක් ඇහෙද්දි එකිනෙකා දිහා බලන් හිටිය නම්ජුන් ජන්කුක් දෙන්නම එකපාර හැරුණෙ සද්දෙ ආව පැත්තට.



බාගෙට පියවුණු ඇස් දෙකකුත් අවුල් වුණ කොණ්ඩෙකුත් එක්ක පඩිපෙල උඩ ඉදන් එයාලා දෙන්නා දිහා ප්‍රශ්නාර්ථ මූණකින් බලන් ඉන්න කොල්ලා දැක්කම දෙන්නටම හිතුනෙ එක දෙයයි.



'මේ ඉන්නෙ මේ දැන් නැගිට්ට මනුස්සයෙක්'



ඒත් විකාර දේකට තිබුණෙ මේ දැන් නැගිට්ට මනුස්සයෙක්ගේ අතට රොලෙක්ස් ඔරලෝසුවක් කොහෙත්ම නොගැලපුන එක.



"ඕහ් හෝසෝක් ඔයා නිදාගෙන ද හිටියෙ?"



හරි ලස්සනට හිනාවෙන ගමන් අඩි දෙක තුනක් ඉස්සරහට ඇවිදගෙන ගිය නම්ජූන් සන්සුන්ව ඇහුවෙ ටිකකට කලින් එයයි ජන්කුක්යි අතර කිසිම කතාවක් වුණේ නෑ වගේ.



ඒත් නම්ජූන් පඩිපෙල නගින්න තිව්ව පලවෙනි අඩිය ආය එහෙමම පස්සට ගත්තෙ ජන්කුක්ගේ කටහඬට.



"තමුන් හිතෙන හිතෙන විදිහට යන්න මේක තමුන්ගෙ ගෙදර නෙවෙයි කිම්!"



"එයා ඔයාට හියුන්!! ඉස්සෙල්ලා හරියට කතා කරන්න කූ"



ජන්කුක් තමන්ගෙ හොදම යාලුවාට කතා කරන විදිහ හොදටම වැරදියි කියලා තේරුණ හෝසෝක් කිව්වෙ තත්පර ගානකට කලින් හැගීම් විරහිතව තිබුණ ජන්කුක්ගේ මූණ එයා දිහාවට හැරෙද්දි.



ඒත් හෝසෝක් දැක්කෙ නම්ජූන් දැක්ක ජන්කුක්ව නෙවෙයි. එයා දැක්කෙ නම්ජුන් දැක්ක හැගීමක් නැති ඇස් දෙකක් නෙවෙයි.



එක තත්පරේකට හෝසෝක් ගැස්සුනා.



තමන්ට තමන්ගෙ කියලා තියෙන එකම දේ නැතිවෙන වේදනාව විදින්න එපා කියලා හෝසෝක්ගේ හිත එයාට කෑ ගැහුවා.



කතා නොකලට කියන දේ තේරුම් ගන්න ජන්කුක්ගේ ඇස් දෙකම ඇති වුණා හෝසෝක්ට.



"මගේම කියලා මට තියෙන අන්තිම දේ. තමුන් ඒ දේත් නැති කරනකම් මං බලන් ඉන්නෑ. ඒත් වැරදීමකින් හරි එහෙම වුනොත් අන්න එදාට තමුන් මැරෙන්නෙ මගේ ඇස් ඉස්සරහ මගේම අත් දෙකෙන්."


NYCTOPHILE | JikookWhere stories live. Discover now