32

90 31 36
                                    

පාර්ක් මැන්ෂන් එකේ ගේට්ටුවෙන් ඇතුලට ආව වාහනයත් වාහනයෙන් බැස්ස ජිමින් දිහාත් ජන්කුක් වගේම මිරා මැන්ෂන් එකේ දොර ලග හිටගෙනම බලාගෙන හිටියා.





කෝට් එක එක අතකින් අරගෙන බොත්තම් දෙක තුනක් ගැලවුණු කමිසයක් එක්ක හිසකෙස් අවුල් කරගත්ත ජිමින් මැන්ෂන් එක ඇතුලට ඇවිදගෙන ගියේ යන්තමට වැනෙන ගමන් වගේ.





ඒ වගේම දොර ලග හිටිය මිරාවත් ජන්කුක්වත් ජිමින්ගේ ඇස්වලට අහුවුණු බවක් පෙනුනෙ නැහැ. ජිමින් තනිකරම ඇවිදගෙන ගියේ අසිහියෙන්.





"ජිමින්?"





පඩිපෙල ලගටම ඔහේ ඇවිදගෙන ගිය ජිමින් ඇහුනු කටහඩට හැරිලා බැලුවෙ දොර ලග හිටිය මිරා දිහා.





"අම්මා?"





ජිමින් කවදාවත් නැතුව කෙලින්ම අම්මා කියලා කතා කරනකොට එකපාර හිතට තිගැස්මක් දැනුනත් සන්සුන් වුනු මිරා හෙමින් ජිමින් ලගට ඇවිදගෙන ගියේ ජන්කුක් දොර ලගම හිටගෙන ඉන්නකොට.





"චිම්, පැටියෝ ඔයා හොදින්ද?"





ජිමින්ගේ හිසකෙස් අතරින් ඇගිලි යවන ගමන් ඔහුගේ කම්මුලක් යන්තමින් පිරිමැද්ද මිරා අහනකොට ජිමින් හිනාවෙන්න උත්සාහ කරා.





ඒත් ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක උත්සාහයක් වුණේ රතුවෙලා ඉදමිලා තිබුණු ජිමින්ගේ ඇස් ජිමින් හොදටම අඩලා කියන එක ජිමින් ලගම හිටිය මිරාට විතරක් නෙවෙයි දොර ලග හිටිය ජන්කුක්ටත් හොදින්ම පැහැදිලි කෙරුව නිසා.






"මට ටිකක් තනියම ඉන්න ඕනි. ප්ලීස්"





"ඒත් පැටියෝ ඔයා කන්නෙ නැද්ද?"





මිරාට අහන්න ඕන වුනත් ජිමින්ගේ ප්‍රශ්නෙ ගැන තමන් ඒකට සුදුසුද කියන ප්‍රශ්නය හිතට වද දුන්න නිසාම ඒක පැත්තකට දැම්ම මිරා ජිමින්ගෙන් ඇහුවෙ වෙනමම ප්‍රශ්නයක්.





"මම ජැක්සන් එක්ක කාලා ආවෙ."





යන්තමට ජන්කුක් දිහාත් බලන ගමන් මිමිණුව ජිමින් පඩිපෙල නැගලා උඩුමහලට යද්දි ඇස්වල පිරුණු කදුලු ඉක්මනින් අත්ලෙන් පිහලා දැම්ම ජන්කුක්ත් පුලුවන් තරම් වේගෙන් තමන්ගේ උඩුමහලේ කාමරයට දිව්වේ තවදුරටත්



NYCTOPHILE | JikookWhere stories live. Discover now