15

207 50 42
                                    


"ජන්කුක් කවුද මේ??"

ජන්කුක් බලාපොරොත්තු වුණු ප්‍රශ්නෙම හෝසෝක් අහද්දි ජිමින් බලාපොරොත්තුව නොවුනම ප්‍රශ්නෙ ඒක.

කඳුලු ඔහේ ගලාගෙන යද්දි ජිමිනුත් ඔහේ හෝසෝක් දිහා බලාගෙන හිටියෙ ඇතුලතින් එයාව ටිකෙන් ටික බිදිලා යද්දි.

වැටෙන වැටෙන ගානෙ ආයෙම හිත වීදුරු වලින් හදනකොට බිදෙනවා නේද කියලා ජිමින්ටත් අමතකවෙලා. සමහරවිට ඒ හිත අහිංසක වැඩි ඇති.

සමහරවිට දවසක කාලෙකට කලින් වුණු ලොකු වැරැද්ද ආයෙමත් නොදැනුවත්වම වෙලා කියලා හෝසෝක්ට තේරෙයි. සමහරවිට හෝසෝක් පසුතැවෙයි. සමහරවිට පහුතැවෙන්නවත් අවස්ථාවක් හෝසෝක්ට ලැබෙන්නෙ නැති වෙයි.

"පාර්ක් ජිමින්, මම හියුන්ග්ට කිව්ව කෙනා."

ජන්කුක් කියද්දි ජිමින්ට දැනුනෙ එයා කැරකෙනවා වගේ. දැනටමත් බිම ඉන්න ජිමින්ට බය හිතුනේ එයා වැටෙයි කියලා. ජිමින් හොදටම දන්නවා එයාට වැටෙන්න බෑ කියලා. ඒත් වැටෙන්න කියලා දෙයක් ජිමින්ට ඉතිරිත් නෑ.

ජිමින්ට කියලා කවුද ඉන්නෙ?
ජිමින්ට කියලා මොනාද තියෙන්නෙ?
ජිමින් නිසාම අද කෙනෙක් වේදනාවෙන්. තමන්ට හිමිවෙන්න ඕනි වේදනාව තමන්ගෙ ජීවිතේට ආව නිසාම වෙන කෙනෙක්ට හිමිවෙලා.

ඉතින් තමන්ට තමන්වත් නෑ කියලා හිතෙද්දි එයාගෙ හඳට එයා දුන්න පොරොන්දු එකතු කරලා හිත ඇතුලෙම ගිනි තියලා දාන්න ජිමින් දෙපාරක් හිතුවෙ නෑ.

"ඉතින් ඔයා ඔයාට ඕනි දේ කරගත්තද?"

හෝසෝක් අහද්දි ජන්කුක් කටකොනකින් හිනාවුණා.

"පටන්ගත්තා විතරයි හියු_

ජන්කුක්ට සම්පූර්ණ කරන්න නොදී ජන්කුක්ව පැත්තකට තල්ලු කෙරුව හෝසෝක් පහලට නැවිලා ඉක්මනට අල්ලගත්තෙ ජන්කුක්ට පිටිපස්සෙ බිම හිටිය ජිමින්ගේ අතින්.

ඒත් හෝසෝක් පරක්කුයි.

ජන්කුක්ගේ පිලිතුර බලාපොරොත්තුවෙන් එයා ජිමින්ගෙන් ඇස් අහකට ගත්තෙ එක තත්පරේකට විතරයි වෙන්න ඇති. ඒත් ඒ තත්පරේම ඇතිවුණා ජිමින්ට පැත්තක තිබුණු බිදුණු වීදුරුවක කෑල්ලක් අරන් තමන්ගෙ වම් අතේ මැණිකකටුවට පහලින් තද කරගන්න.

NYCTOPHILE | Jikookजहाँ कहानियाँ रहती हैं। अभी खोजें