08

201 60 17
                                    

කාගෙහරි ෆෝන් එකක් හයියෙන් රින්ග් වෙද්දි බැල්කනි එකේ වාඩිවෙලා හිටිය අපි දෙන්නම ගැස්සිලා ගියා මෙච්චර රෑවෙලත් අපිට කෝල්ස් එන එක සාමාන්‍යයි. ඒත්_






හෝසෝක් එයාගෙ එහා පැත්තෙන් බිම තියලා තිබුණ දැන් රින්ග් වෙන ෆෝන් එක අතට ගත්තෙ ඒ මූණෙ අමුතු බයක් වගේ දෙයක පැහැදිලිව මට පෙනෙද්දි.






මං දන්නෑ ඇයි මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ කියලවත්.






"කියන්න 'L' "






කෝල් එක ආන්සර් කරන ගමන් වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ට හෝසෝක් කියද්දි මං වේගෙන් ගැහෙන පපුවට අතක් තියාගෙනම පිටිපස්සෙන් තියෙන ග්ලාස් වෝල් එකට හේත්තු වුණා.






එයා කිව්වෙ L කියලා. ඒත් ඇයි? පපුව හීරිලා යනවා වගේ වේදනාවක් දැනෙද්දි මාවම සන්සුන් කරගන්න මං ඇස් පියා ගත්තා.






අවුරුදු ගානක් ගිහිල්ලත් ආයෙ ආයෙ පෑරෙන තුවාලෙන් ගලන ලේ හෝසෝක්ටවත් පෙන්නන්නෑ කියලා මං තීරණය කරේ ගොඩ කාලෙකට කලින්. ඉතින් පොඩි දෙයක් නිසා හැමදේම නැතිවෙන්න දෙන්න බෑ.






'නැතිවෙන්න තව මොනාද ඉතුරු? ආහ්?'






අවුරුදු තුනකට කලින් ඇහුන ඒ වචන තාමත් මගේ කන් ඇතුලෙන් සමච්චල් සහගතව ඇහෙද්දි ලොකු හුස්මක් ගත්ත මම බොරුවක් ඇත්තක් කරන්න උත්සාහ කරා. හැම තත්පරේම මං කරනවා වගේම.






මම මාව සන්සුන් කරගන්න අතරේ හෝසෝක් කතා කරන දේවල් මට ඇහෙන්නැතිවෙන්න එයා කාමරේ ඇතුලට යනවා මං හොදටම දැක්කා.






ඒ හැමදේම එයා මට කියයි. ඒත් දැනටමත් ගලන ලේ නොදැක්කත් මගේ සීරුණ හදවත හරි අපූරුවට හෝසෝක් දැකලා කියලා මං තේරුම් ගත්තා.






"තවත් බලාගෙන ඉන්නැතුව එයාවත් අරන් ඔතනින් යනවා L. ජන්කුක්ට මොනාහරි වුණොත් මේ හැමදේම ඉවරයි."






හෝසෝක්ගේ කටහඬ කාමරේ දෙදරන්න ඇහෙද්දි තව දුරටත් ඉවසීම කියලා දෙයක් නැතිවුණ මම කාමරේ ඇතුලට දිව්වා. සමහරවිට මගේ කකුල් මාව ඉබේම අරන් යන්න ඇති.






ඒ වෙනකොටත් එයා අතින් අතහැරුණු ෆෝන් එක බිම තියෙනවත් කදුලු හිරකරන ඒ ඇස් හැගීමක් නැති මූණකින් මං දිහා බලන් ඉන්නවත් දකිද්දි මගේ කකුල් පණ නැතිවෙනවා වගේ මට දැනුනා.






"මොකද වෙලා තියෙන්නෙ හෝසෝක්??"






හෝසෝක්ගෙ උරහිසෙන් අල්ලගත්ත මගේ සද්දෙ සමහරවිට හෝසෝක්ට වඩා වැඩිවෙන්නැති.






"එයා.. නම්ජුන්.. යු..යුන්ගි"






"යුන්ගි මොකක්ද?"






මගේ පපුවෙන් දැනෙන වේදනාව මම අමතක කරලම දැම්මා.






මම තවත් හයියෙන් කෑ ගැහුවා.






"එයා.. එයා.. එයාලා ජේ සිටි ක්ලබ් එකේ ලු."






"ඉතින් ඉතින් මොකක්ද ඒකෙ තියෙන ප්‍රශ්නෙ??"






"කූ.. කූ.. එයා යන එකම ක්ලබ් එ.. එක ඒක...







....මේ වෙලාවෙ.. මේ වෙලාවෙ එයා එතන නම්ජූන්!!"































A/N

සූටිම සූටි chapter එකක්.. රෑට ටිකක් දිග එකක් දෙන්නම්... මේක නිකන් ආසාවට වගේ දැම්මෙ😁
අපි රෑට කතා කරමු... දැනට මේක හරිද?...❤

To be Continued...

NYCTOPHILE | JikookWaar verhalen tot leven komen. Ontdek het nu