41

97 28 78
                                    

වික් එකේ main house එකට අයිති ෂූටින් ඒරියා එකේ තැනින් තැන තියලා තිබුණු ටාගට්ස් වලට දිගින් දිගටම ෂූට් කරන ජන්කුක් දිහා ජිමින් බිත්තියකට හේත්තුවෙලා බලාගෙන හිටියා. ජිමින්ගේ හැගීමක් ඇදිලා නොතිබුණු ඇස් ඔහේ ජන්කුක් ලග නැවතිලා තිබුණා.




ජන්කුක්ව නවත්තන්න කිසිම උවමනාවක් ජිමින්ට තිබුණෙ නැහැ වගේම ජිමින් ෂූටින් ඒරියා එකට ආවා කියන එකවත් ජන්කුක් දැනගෙන හිටියෙ නැහැ.





මිරා එක්ක කතා කරලා පාර්ක් මැන්ෂන් එකෙන් එලියට ආව ජිමින් දැක්කෙ හෝසෝක් වගේම ජන්කුක් main house එකට යනගමන් කියලා හෝසෝක් ජිමින්ට දාලා තිබුණු මැසේජ් එක. ජිමින් ඒ නිසාම ඉක්මනින් main house එකට ආවත් ජන්කුක් කර කර ඉන්න වැඩේ නවත්තන්න ඔහුට කිසිම ඕනකමක් තිබුණෙ නැහැ. ජිමින් දැනගෙන හිටියා ජන්කුක් සාධාරණයි කියන්න.





"සර් වික් බොස් සර්ටයි ජන්කුක් සර්ටයි company එකට එන්න කිව්වා."





සෙයින් ජිමින් ලගට ඇවිත් ජිමින්ට ආචාර කරන ගමන් කියනකොට ජන්කුක් දිහා බලාගෙනම යන්තමින් හිස වැනුව ජිමින් සෙයින්ට යන්න කියලා අතින් සන් කලා.





සෙයින් ගිහින් ටික වෙලාවකින් තවමත් ටාගට්ස් වලට වෙඩි තියමින් හිටිය ජන්කුක් හැරුණේ ෂූටින් ඒරියා එකේ පේලියට තියලා තිබුණු වීදුරු බෝතල් පැත්තට. ජන්කුක්ගේ තියුණු ඇස් බුලට් එකටත් කලින් වීදුරු කුඩු කරන්න සූදානම් වගේ.




ඒත් ජන්කුක් වීදුරු බෝතලයකට ඒම් කරලා වෙඩි තියන්න තත්පරයකට කලින් පේලියට තියලා තිබුණු විදුරු බෝතල් එකින් එක ඇහිපිය ගහන තරම් වේගෙන් කුඩු වෙලා ගියා.





දැනුන තරහට වේගයෙන් අනෙක් පස හැරුණු ජන්කුක් වෙඩි තිව්ව පුද්ගලයා කවුරු වුනත් ඔහුට ගන් එක ඒම් කරේ වීදුරු බෝතල් කුඩු වුනු තරම්ම වේගයකින්.





ඒත් තමන්ට අඩි කිහිපයක් ඈතින් ගන් එකත් අතේ තියාගෙනම කුඩු වුනු වීදුරු බෝතල් දිහා හිස් හැගීමෙන් බලාගෙන ඉන්න ජිමින්ව දකිනකොට ගැස්සිලා ගිය ජන්කුක්ගේ අතින් ගන් එක අතහැරුනේ ඔහු හිතන්නත් කලින්.





NYCTOPHILE | JikookМесто, где живут истории. Откройте их для себя