06

260 73 117
                                    

පොහොසත්කම කෑගහන මැන්ෂන් එක ඇතුලට ජිමින් හෙමින් හෙමින් ඇවිදගෙන ගියා. වටපිට තියෙන එක එක දේවල් දිහා බලලා පුදුම වෙන්න ඕන වුණේ නෑ එයාට.


මේ කිසි දෙයක් අලුත් දේවල් නෙවෙයි ජිමින්ට. එයාටත් තිබුණා මෙහෙම ජීවිතයක්. කාටවත් කරදරයක් නොකර අහිංසක විදිහට මේ වගේම මැන්ෂන් එකක ගෙවපු.


ඒත් දවස් දෙක තුනකට කලින් වුණ හැම දෙයක්ම හීනයක් නෙවෙයි කියලා ජිමින්ම තේරුම් අරන් ඉවරයි. එයාට තවත් ඕන්නෑ ඒ ගැන හිතන්න.


නාදුනන පුද්ගලයගේ පිටිපස්සෙන් ලිවින් ඒරියා එකටම ගිය ජිමින්ට වාඩිවෙන්න කියලා යන්න හැදුව අමුත්තා නැවතුනේ ජිමින්ගේ අතක් නාදුනන්නගේ අතකින් අල්ලගත්ත නිසා.


ඒ ක්ෂනයෙන්ම පිටුපස හැරුණු නාදුනන්නගේ ඇස් ගියේ ජිමින්ගේ අතට ඊලගට ජිල් බෝල වගේ දිලිසෙන ඒ ඇස් දෙකට.


කාර් එකේ ගොඩක් දුර එකට ආවත් මේ මොහොත වෙනකම් දෙන්නම කතා කරලා තිබුණෙ නෑ දෙන්නා එක්කම. ඉතින් දෙන්නාම තවම නාදුනන්නෝ. අඩුම එක්කෙනෙක් හරි.


"කියන්න"


ජිමින් දිහා බලාගෙන නාදුනන්නා ඇහුවෙනම් කාලෙක ඉදන් දන්න කෙනෙක්ට කතා කරනවා වගේ.


"මිස්ටර්... අහ්.. මේ.. අපි කතා කරමුද? මං කිය.. න්නෙ අ.. අපි දන්නෙත් නෑනේ"


කාර් එකේ හීටර් එකට ටිකක් උණුසුම් වෙලා තිබුණත් තවමත් ලාවට වෙව්ලන තොල් වලින් ජිමින් මිමිණුවේ අමුත්තට ඇහෙන නෑහෙන ගානට.


"හ්ම්.. මේ..... ඔයාගෙ නම මොකක්ද??"


"ජි.. ජිමින්.. කිම් ජිමින්"


නාදුනන්ගේ අත හිමින් අත හරින ගමන් ජිමින් මිමිනුවා. ඒ තත්පරේම නාදුනන්නගේ නලල රැලි වුනත් ඒක දකින්න ජිමින් නාදුනන්නා දිහා බලාගෙන හිටියෙ නෑ. ඒ වෙනකොටත් ඒ ඇස් තිබුණෙ ටයිල් පොලොවට දිහාවට හැරිලා.


"හරි ජිමින් අපි කතා කරමු. ඒත් ඊට කලින් ඔයා මොනාහරි කාලා ඔය සීතල ඇදුම් මාරු කරගෙන ඉන්න ඕනි. මට ඕන්නෑ ඔයා අසනීප වෙන_


NYCTOPHILE | JikookWhere stories live. Discover now