යන්තමින් ඇරුණු තිර රෙදි අතරින් හිරු එලිය කාමරය තුලට වැටෙනකොට අතකින් මුහුණ වහගත්ත ජන්කුක් හිමින් ඇස් ඇරියා.
කාලෙකින් හොද නින්දක් ලැබුව නිසාම ජන්කුක්ගේ මුහුණෙ ඇදිලා තිබුණෙ සතුටුදායක හිනාවක්. හිමින් හිස හරවලා තමන්ගේ පපුවට තුරුලුවෙලා ඉන්න ජිමින් දිහා බැලුව ජන්කුක් ඔහුගේ විසිරුණු හිසකෙස් ඈත් කරලා ජිමින්ගේ නලලෙන් හාදුවක් තැවරුවා.
"ජිමින්.. බේබි.."
ජන්කුක් ජිමින්ගේ කනට ලංවෙලා මුමුණනකොට කාලෙකින් ලැබුණ සුවපහසු නින්ද නැති කරගන්න අකමැති වුනු ජිමින් මොනවදෝ මුමුණමින් තවත් ජන්කුක්ට තුරුලු වුනා මිසක් ඇස් ඇරියෙ නම් නැහැ.
ජන්කුක්ට ඕනි වුනත් ජිමින්ව එහෙමම තුරුලු කරගෙන තවත් නිදාගන්න ඔවුන් එනකම් හියුන්ග්ලා, ලියා වගේම ටේහියුන්ග්නුත් බලාගෙන ඉන්නවා කියන්න දන්න නිසා වගේම ඔවුන්ට කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා කියලා මතක් වුන නිසා ජන්කුක් ආයෙමත් උත්සාහ කරේ ජිමින්ව ඇහැරවන්න.
ඒත් ඒක කීයටවත් ලේසි වෙන්නෙ නම් නැහැ කියලා තේරෙන්න ජන්කුක්ට වැඩි වෙලාවක් ගියේ නැහැ.
"ලව්.. නැගිටින්න.."
"ම්.."
ජන්කුක් ජිමින්ගේ කන ලගට නැවිලා හිමින් මුමුණනකොට කෙදිරිගෑව ජිමින් ජන්කුක්ගේ කමිසය යන්තමින් අල්ලගෙන තවත් ඒ පපුවට තුරුලු වුණා.
"මේක හරියන්නෑ.. ජිමිනි මම ඔයාව උස්සගෙන යන්න කලින් නැගිටින්න.."
"තව ටිකක් ඉන්නකෝ අනේ"
ජන්කුක් ටිකක් හඩ වැඩි කරලා කියනකොට මූණ බෙරි කරගත්ත ජිමින් මිමිණුවේ නැගිටින්න ලෝබකමෙන්.
"ඔයා වෙන වෙලාවක මෙහෙම නිදාගන්න. හියුන්ග්ලා අපි එනකම් බලාගෙන ඇත්තෙ. අනික මම මැරෙන්නෙ නෑනේ. ඔයාට වෙන දවසක මෙහෙම නිදාගන්න පුලුවන්න."
ජන්කුක් හිනාවෙවීම කියනකොට ඇස් දෙකත් පොඩිකරන ගමන් ඉක්මනට ඇදෙන් වාඩිවුණ ජිමින් ජන්කුක් දිහා රවලා බැලුවා.
ČTEŠ
NYCTOPHILE | Jikook
Fanfikce"ජන්කුක් දන්නවද මේ මල්?" "එ.. එන්ජලික් ටියුලිප්" ... "ජන්කුක් දන්නවද මට මේ මල් දකිද්දි කෙනෙක්ව මතක්වෙනවා." "අම්මා?" ජන්කුක්ට ඇහුණා ජිමින් ලොකු හුස්මක් ගන්නවා. "නැහැ. මට අම්මාත් මතක්වෙන එක ඇත්ත ඒත් මං කියන්නෙ අම්මා ගැන නෙවෙයි." "එහෙනම්?" "ටේව!"