44

82 25 67
                                    

අදුරු වුනු විශාල ගබඩා කාමරය තුලට ගන් එකත් අතට තද කරගෙන හිමින් ඇවිදගෙන ගිය ජන්කුක් වගේම සෙයින් එකවරම නතර වුනේ කාමරය කොනක පුටුවක ගැටගහලා ඉන්න ජින් වගේම මිරාව දැකලා. ඔවුන් දෙදෙනාටම සිහිය තිබුණෙ නැහැ වගේම දරුණු විදිහට මොකක් හරි දේකින් පහර දීලා තියෙනවා කියලා තේරුම්ගන්න ජන්කුක්ට වැඩි වෙලාවක් ගියේ නැහැ.




"අම්මා!! හියුන්ග්!!"





ඊලග මොහොතෙ කෑ ගහගෙන ඔවුන් දෙසට දුවන්න ගත්ත ජන්කුක් එහෙමම නැවතුනේ මුලු කාමරයම විදුලි බුබුළු වලින් ආලෝක වෙද්දි.




"මගේ පුතා එයාගේ අම්මාව බලන්න ඇවිත්? Welcome Welcome Jeon Jungkook!"




ආලෝකමත් වුනු කාමරය තුලට ගාඩ්ස්ලා කිහිපදෙනෙක් එක්ක ඇවිදගෙන ආව පුද්ගලයා හයියෙන් හිනාවෙන ගමන් කියනකොට දත්මිටි කෑව ජන්කුක් ගන් එක ජේට ඒම් කරා.




"ජන්ග් ජේ.. මම තමුන්ගේ පුතා නෙවෙයි!"




ජන්කුක්ගේ ඇස් ජේව විනිවිද යන සුලු දරුණු බැල්ලමකින් ඔහු දිහා බලනකොට එක තත්පරයකට ජේ පවා වෙව්ලලා ගියා. ඒත් නැවතත් හරි සිහියට ආව ජේ තවත් හයියෙන් හිනාවෙන්න ගත්තෙ ජන්කුක්ගේ අත් තවත් ගන් එකට තද වෙනකොට.




"ඔය සෙල්ලම් බඩුව පහතට දානවා ජන්කුක්. තමුන්ට දිනන්න බෑ."




"මම දැම්මෙ නැත්තම්?"




ජන්කුක් ආපිට තරහින්ම අහනකොට ගාඩ් කෙනෙක්ගේ ගන් එකක් අතට ගත්ත ජේ හිමින් ඇවිදගෙන ගිහින් ඒක ජින්ගේ හිසෙන් තිව්වෙ ජන්කුක්ගේ හිත බයෙන් පුරවලා.




"ජන්කුක්ට පේනවා නේද?"




යන්තමින් හිනාවෙන ගමන් මිමිණුව ජේ ගන් එක ජින්ගේ හිසෙන් අරගෙන මිරාගේ හිසෙන් තිව්වා.




"ගන් එක පහතට දැම්මෙ නැත්තම් වෙන දේවල්?"




ජේගේ වචන වලට ජන්කුක් දත් මිටි කෑවත් ගන් එක පහත දැම්මෙ නැහැ.




"ඕහ්.. තව දෙයක්.. ජැක්සන්ට අද සෙල්ලම් කරන්න ලස්සන සෙල්ලම් බඩුවක් හම්බවෙලා.. ඉතින් ඔයාගේ සෙක්සි boyfriend කොච්චර රසද කියලා සමහරවිට මටත් දැනගන්න පුලුවන් වෙයි.. ජියෝන් ජන්කුක්.."




NYCTOPHILE | JikookWhere stories live. Discover now