හියුසික් නැති උදෑසන කෑම මේසය පිරිලා තිබුණෙ හිස් බවකින්. ඒ හිස් බව කෑම මේසයේ වාඩිවෙලා හිටිය ජිමින්ටත්, ජන්කුක්ටත් මිරාටත් නොදැනුනා නෙවෙයි. ඒත් උදෑසනින්ම ඔහුව අවදි කරවන එක හොද දෙයක් වගේ නොදැනුන නිසාම මිරා තීරණය කරා දවල් වෙලා හියුසික් අවදි වුණාමම ඔහුගේ උදේ ආහාර වේල දෙන්න. හියුසික් ඒ වෙනකොටත් යම්තාක් දුරට සුවෙන් හිටිය එක පාර්ක් මැන්ෂන් එකේ හැමෝටම සැනසීමක් ගෙනත් දුන්නා.
ජන්කුක් හිටියෙ කල්පනාවක. හියුසික් නැති කෑම මේසයේ මෙච්චර පාලුවක් ඔහුට දැනෙනවා නම්, යෝරීන්, හියුසික්, නාරී, හෝසෝක්..මේ කවුරුත්ම නැති කෑම මේසෙ තමන්ට සම්බන්ධයක් නැති මිනිස්සු දෙන්නෙක් එක්ක ජිමින්ට කොච්චර පාලුවක් දැනෙනවා ඇතිද.
"කූ"
මිරාගේ කටහඬට ඇහෙනකොට කෑම එක දිහා බලාගෙන වෙනමම කල්පනාවක හිටිය ජන්කුක් ගැස්සිලා ඔලුව ඉස්සුවා.
"අම්මා?"
"ජිමිනුත් අද යුනි යනවලු. එයාවත් එක්කගෙන යන්න"
මිරා කියනකොට කෑම එකට ඔලුව ඔබාගෙන හිටිය ජිමිනුත් ඔලුව ඉස්සුවා.
"මට තනියම_
"නෑ.. ඔයා තනියම යන්නෙ නැහැ. ඔයාට හොදටම හොද නෑ ජිමින්. මම ඔයාට අද යුනි යන්න දෙන්නෙත් ඔයා යන්න ඕනිම කිව්ව නිසා විතරයි. යනවා නම් ජන්කුක් එක්ක යන්න නැත්තම් ජැක්සන්ට කතා කරලා එක්කගෙන යන්න එන්න කියන්න."
ජිමින්ට බාධා කරලා කියාගෙන ගිය මිරා කෑම මේසයෙන් නැගිට්ටෙ ජන්කුක් තමන්ට ලාවට රවන දිහා බලාගෙනමයි.
_________________________________________
බෑග් එක එක අතකින් එල්ලගත්ත ජන්කුක් බෙන්ස් වර්ගයේ කාර් කී එකත් අතට අරගෙන එලියට ආවෙ ටිකක් සැකෙන්.
සමහරවිට ජිමින් ජැක්සන්ට එන්න කියලා ඇති.
ජන්කුක්ගේ හිත කිව්වත් මැන්ෂන් එක ඉස්සරහ බෑග් එකත් එල්ලගෙන හිටගෙන ඉන්න ජිමින්ව දැක්කම තමන් හිතුව දේ වැරදි කියලා හිතෙන්න ඔහුට ගියේ තත්පරයයි.
![](https://img.wattpad.com/cover/318268414-288-k889597.jpg)
YOU ARE READING
NYCTOPHILE | Jikook
Fanfiction"ජන්කුක් දන්නවද මේ මල්?" "එ.. එන්ජලික් ටියුලිප්" ... "ජන්කුක් දන්නවද මට මේ මල් දකිද්දි කෙනෙක්ව මතක්වෙනවා." "අම්මා?" ජන්කුක්ට ඇහුණා ජිමින් ලොකු හුස්මක් ගන්නවා. "නැහැ. මට අම්මාත් මතක්වෙන එක ඇත්ත ඒත් මං කියන්නෙ අම්මා ගැන නෙවෙයි." "එහෙනම්?" "ටේව!"