14

183 45 29
                                    


"ජැක්සන්!"


යුනිවර්සිටි එකේ අයිනට වෙන්න තිබුණු බෙන්ච් එකක හාන්සිවෙලා ඇස් දෙකත් පියාගෙන හිටිය ජැක්සන් ගැස්සිලා ඇස් ඇරියෙ ජන්කුක්ගේ කටහඬට.


උදේ ඉදන් මේ වෙනකම්ම පේන්නවත් හිටියෙ නැති ජන්කුක් දැන් ඔය එන්නෙ ලෙක්චර්ස් වල නෝට්ස් ඉල්ලගන්න කියලා දන්න ජැක්සන් ඇහුන්නෑ වගේ එහෙමම ඇස් පියාගත්ත.


"ඒ බං. ජැක්සන්!"


කන ලගම කීන් ගාන ජන්කුක්ගේ කටහඬ මේ වතාවෙනම් ජැක්සන්ට ගනන් නොගෙන ඉන්න බැරිවුණා.


බෙන්ච් එකේ කෙලින් වෙලා වාඩිවුණ ජැක්සන් නිදිමත ඇස් දෙකෙන් ජන්කුක් දිහා රවලා බැලුවෙ ඒක දැක්කෙ නෑ වගේ ජන්කුක් ජැක්සන්ට එහා පැත්තෙන් වාඩිවෙද්දි.


"මොකක්ද බං වෙලා තියෙන්නේ! උදේ ඉදන් අතන මෙතන රවුම් ගහලා දැන්ද උඹට මාව මතක්වුණේ"


ජැක්සන්ගේ කෑ ගැහිල්ල යන්තන්වත් ගනන් නොගත්ත ජන්කුක් එහෙමම ජැක්සන්ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන බෙන්ච් එකේ හාන්සි වුණේ ඇස් දෙකත් පියාගන්න ගමන්.


ජැක්සන්ට තේරුණා ජන්කුක්ගේ වෙනසක්. එයා හොදටම දන්නවා ජන්කුක් මෙහෙම හැසිරෙන්නෙ මොනවගේ වෙලාවටද කියලා.


අනිත් අතට ජන්කුක්ගේ හිත තිබුණෙ වෙනම තැනක. කාලෙකට කලින් ප්‍රශ්නයක් වුනාම හොයාගෙන දුවන කෙනාම අද එයාගෙ ප්‍රශ්නය වෙලා. වෙනදට ඔලුව තියාගන්න ඔඩොක්කුව අද ජන්කුක් වෙනුවෙන් නෑ.


සමහරවිට ජන්කුක් මේ හැමදේම කරන්න හිතාගත්තෙ ටේ නිසාම නෙවෙයි වෙන්න ඇති. මොකද එයාට බෑ ටේට රිද්දන්න. ඒ කාලයක් එයාගෙ හැමදේම.


"ජන්කුක්??"


"හ්ම්??"


"මොකක්ද අවුල??"


"මං දන්නෑ. ඒත් අවුලක් තියෙනවා."


"හ්ම්. ටිකක් ඔහොම ඉදපන් එහෙනම්"


"බෑ."


වේගෙන් බෙන්ච් එකේ කෙලින් වුණ ජන්කුක් ජැක්සන් දිහා හිස් හැගීමකින් බැලුවා.


NYCTOPHILE | JikookWhere stories live. Discover now