21

130 36 26
                                    

ජියෝන් මැන්ෂන් එකේ Library එක. මට හැමදාමත් දැනුන තැන. ඒත් අද මට දැනුනෙ අපහසුවක්.




මං දැනගෙන හිටියා මේ වෙද්දි මගේ ඉස්සරහින් වාඩිවුණු අම්මා මං දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් ඔලුව උස්සලා අම්මා දිහා බලන්න තරම් මං මාව විශ්වාස කරේ නැහැ.




"කුකී"




"ම්??"




"මං දිහා බලන්න"




අම්මගේ කටහඩේ තිබුණෙ විශ්වාසයක්. ඒ විශ්වාසය මට උදව් කරා අම්මා දිහා බලන්න.




"කුකී.. අපි මේ කරන කතාව නිසා ඔයාට රිදෙන්න පුලුවන්. ඔයාට මේ ගැන කතා නොකර ඉන්න ඕනම නම් අපිට පුලුවන් නවත්තන්න."




"කියන්න."




මං හිතන්නෙ වෙලාවෙ හැටියට අම්මා ඇහුව ප්‍රශ්නෙට එහෙම හරි උත්තරයක් මගෙන් පිටවුණු එක ගැන මම සතුටු වුණා.




මට ඕනි මගේ හිත නිදහස් කරගන්න. හැමදේම අම්මට කියන්න.



"මට කියන්න.. ඔයාගේ හිතේ තාම එයා ඉන්නවද? ඔයාගේ හීරෝව?"




මට දැනුනා කාමරේ ඇතුලෙ උණුසුම ඉහල යනවා. මට දැනුනා මාව ගැහෙනවා. පිටතට නොපෙනුනත් ඇතුලතින්.




"අ.. අම්මා?"




"කුකී දන්නවා මං කතා කරන්නෙ කවුරු ගැනද කියලා ම්..??"




"යු..යුන්ගි හියුන්ග්?"




"හ්ම්.. ගොඩක් පරණ මතක නේද? කුකී හිතුවෙ මං ඔය දෙන්නා ගැන නොදැන හිටියා කියලද?"




මටත් නොදැනී මගේ ඇස්වල කදුලු පිරුණා. ඒ කියන්නෙ අම්මා දැනගෙන ඉදලා. එහෙනම් ඇයි අම්මා එයාලව නැවැත්තුවේ නැත්තෙ? මට ඕනි වුණා කෑ ගහලා අහන්න.




ඒත් මම මාවම පාලනය කරගත්තා.




"අපි ආවෙ ජිමින් ගැන කතා කරන්න."



මගේ වචන සමහරවිට ටිකක් තදින් කියවෙන්න ඇති.




"පුතා දන්නවද ගොඩක් සිද්ධි ගොඩක් වෙලාවට සම්බන්ධ වෙනවා. හරියට ඔයා නොහිතන කෙනෙක් මේ වෙලාවෙ ඔයා ගැන හිතමින් ඉන්නවා වගේ. ඉතින් මට උත්තර දෙන්න පැටියෝ"




NYCTOPHILE | JikookWhere stories live. Discover now