36

103 31 64
                                    

තුන් වතාවක්.





හතර වතාවක්.





හත් වතාවක්.




නැහැ. ඊටත් වඩා වෙන්න ඇති. ටේහියුන්ග් දැනගෙන හිටියෙ නැහැ යුන්ගිගේ අත්ල තමන්ගේ කම්මුලේ වේගෙයෙන් වැදුණෙ කීවෙනි වතාවටද කියලා.




අවසානෙ ලේ පිරුණු කම්මුල් යන්තම් ඇගිලි තඩුවලින් පිරිමැද්ද ඔහු අසරණ විදිහට යුන්ගි දිහා බලලා හිනාවුණා.




ඒ එක්කම නැවතත් යුන්ගිගේ අත ටේහියුන්ග්ගේ කම්මුල වෙත යන්න එසවුනත් කොහෙන්දෝ ආව අතක් යුන්ගිගේ අත අල්ල ගද්දි යුන්ගි තරහෙන් හැරුණේ ඒ අතේ අයිතිකාරයා පැත්තට.




"ජිමින්!"




යුන්ගි තරහෙන් කිව්වා වුනත් ජිමින් යුන්ගිගේ අත නම් අතහැරියෙ නැහැ.




"දැන් ඇති හියුන්ග්. ප්ලීස්."




ජිමින් කදුලු පිරුණු ඇස්වලින් කියනකොට ජිමින්ගේ අත ගසලා දැම්ම යුන්ගි ඔවුන්ගෙන් ඈතට ගිහින් ඔවුන්ට පිටුපාලා හිටගෙන ගැඹුරින් හුස්ම ගන්න ගත්තෙ සෝපාවෙ කොනක වාඩිවෙලා හිටිය ජන්කුක් වෙනසක් නැතුවම ඇස් පියාගෙන හිස පහලට නවාගෙන ඉන්නකොට.




"නම්ජුන් හියුන්ග්, හෝසෝක් හියුන්ග් දෙන්නත් ඕනෙනම් ගහන්න. ප්‍රශ්නයක් නැහැ."




බිම බලාගෙනම ටේහියුන්ග් ලාවට මුමුණනකොට ටේහියුන්ග් දිහා රවලා බැලුව හෝසෝක් වෙනතක් බලාගත්තා.




"කට වහගෙන ඉන්නවා කිම් ටේහියුන්ග්! මං දැන් තමුන්ට ගැහුවොත් තමුන් ඇත්තටම මැරෙනවා. ඒ නිසා කට වහගෙන ඉන්නවා!"




නම්ජුන් කාමරය දෙදරලා යන්න කෑගහනකොට ටේහියුන්ග් ගැස්සුනත් තත්පරයක් යන්න කලින් ටේහියුන්ග්ගේ ඇස් ගියේ ජිමින්ට.




අත් දෙකෙන්ම හිස තදින් අල්ලගෙන ඇස් දෙක තදින් පියාගෙන හිටිය ජිමින් අඩියෙන් අඩිය පිටුපසට ගියේ ජිමින්ගේ මුහුණට එකපාර ඇවිත් තියෙන සුදුමැලි පෙනුම ටේහියුන්ග්ව ඕනෙවටත් වඩා බය කරද්දි.




"ෂිට්.. ජිමින්!!"




ඊලග තත්පරේ ජිමින් ඇදගෙන වැටෙද්දි අඩියට දෙකට ජිමින් ලගට ගිය ටේහියුන්ග් ජිමින්ව අල්ලගෙන එහෙමම බිම වාඩිවුණේ පියවුණු ඇස් එක්ක සුදුමැලි වුණු ජිමින්ගේ මුහුණට නොනවත්වා තට්ටු කරන ගමන්.




NYCTOPHILE | JikookWhere stories live. Discover now