01 වෙනි කොටස....

13.5K 938 535
                                    

Yeveen pov:

"අද සාතන්   අප අතර ඉන්නවා...."

අද සාතන් අප අතර ඉන්නවා කියලා සුවාමි කියනවත් එක්කම මම හිමීට පල්ලියට පිටිපස්සෙන් තියන කනත්ත දිහා බලලා ඉක්මනට තාත්තගෙ කකුලට හේත්තු උනා......

මට බයයි......සාතන් ඇවිත් ඇදගන යයි කියලා.....ලොක්කම්මා  කියනවා මේ ලෝකෙ විනාස වෙනවලු....විනාස වෙන දවසට ස්වර්ගෙ ඉන්න ජේසු එයාගෙ තාත්තා එක්ක මහපොලවට එනවාලු.....ඇවිදින් මැරිලා වලලපු මිනිස්සුන්වත් මිනි කදු දෙබෑ කරන් නැගිට්ටවනවා කියලා .....එහෙම නැගිට්ටවලා...අපි ජීවත් වෙලා ඉන්න කාලෙ කරපු හොද වැඩ නරක වැඩ එකින් එක බලනවලු......නරක පැත්තෙ බර වැඩි උනෝතින්....එයාව අපායට ඇදගන යනවලු......හොද පැත්ත බර වැඩි උනොතින් ...අපිව ජේසු ගාවට අරන් යනවලු......

මගෙ අම්මෝ...බයේ බෑ......

මම උන්නෙ පැදුරෙ ඉදගන...අම්මයි තාත්තයි නම් අකුලන පුටු දෙකේ....අම්මට ඉතින් බිමින් ඉදගන්න බෑනෙ....අපේ අම්මට මල්ලි බබෙක් හම්බෙන්න....හෙට අනිද්දා ගෙනේවි.....

මම එහෙම්ම බෙල්ල හරවලා අම්මා දිහා බැලුවා...අම්මා පුපුරන්න ඔන්න මෙන්න තියන බන්ඩියට අතකුත් තියාගන අල්තාරෙ උඩ ඉදන්  දේශනාව තියන සුවාමි දිහා බලන් උන්නා...

කිව්වත් වගේ මල්ලි බබා ආවම  අම්මට මාව අමතක වෙයිද.....අම්ම මට වඩා මල්ලි බබාට ආදරේ වෙයිද.......

මගෙ ඇස්වලට කදුලු පිරුනා...මේ පූජාව මැදම.......මෙච්චර කල් අම්මා තාත්තා මැද නිදාගත්තු මට ලොක්කම්මා කිව්වා දැන් අනිත් කාමරේ නිදා ගන්න මල්ලිව ගෙනාවම ඇදේ තියන්න ඕනෙ කියලා ....එහෙම කිව්වට පස්සෙ තමා අරුනි අක්කා කිව්වෙ දැන් ඉතින් මට ආදරේ වෙන්නෙ නෑය කියලා .....  ඒක අසාදාරනයිනෙ...මමනෙ අම්මගෙ පලවෙනි බබා....ඒත්...ඉතින්...එයා නම් මම වගේ වෙන එකක් නෑනෙ.....

සුවාමි දේශනා කරනවා......"සකේවුස්" ජේසු එනවා බලන්න උස මදි හන්දා අත්තික්කා ගහකට නැගලා ජේසු දිහා බලපු හැටි කියනවා.....දේව මාලිගාවෙ බදු එකතු කරන සකේවුස්ගෙ ගෙදරට ජේසු රෑ කෑමට එනවා කියලා කියපුවාම ඒ මනුස්සයා අඩනවා කියනවා....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now