18 වන කොටස..

2.7K 723 202
                                    

යෙවීන්.....යෙවීන්........නෙහාන් ගනින්  වතුර ටිකක් ලමයට සිහිය නැති උනා......

යෙවීන්.....සුදු පුතා.....යෙවීන්........අනේ...අනේ...ඩොක්ටර් ලමයට.....

හරි....චුට්ටක් කලබල නොවී ඉන්නකො.........

මම ඔහේ උන්නා......මට කලන්තෙ දැම්මලු.......දොරකොඩ ගාවට වෙලා සංධීර් එක්ක බාප්පා කියන දේවල් අහන් උන්න මට දරාගන්න බැරිව මට කලන්තෙ දැම්මලු.......බාප්පයි සංධීරුයි ඩොක්ටර් අංකල්ව වටකරගන මොන මොනවා හරි අහනකොට සැරින් සැරේම සංධීර් මා දිහා බැලුවා...හැබැයි යෙවීන්ගෙ හිනාව මේ වෙනකොට මැරිලා ගිහින් තිබුනා.....

වෙන වෙලාවට නලුවා හිනා උනා නොවුනා හිනා වෙන මම ඔහේ උන්නා.......මට ඇහුන් නෑ වගේඋන්නා.....

දරුවට තියෙන්නෙ කම්පනෙ...කතා කරගන්නත් අඩාගන්නත් බැරිව ලමයව කලන්තේ වෙලා තියෙන්නෙ...ඔයාලා ඔයිට වඩා නම් ළමයා ගැන ප්‍රවේසම් වෙන්න වෙයි......

එහෙමයි....ඩොක්ටර් ....

කව්ද ඔය දෙන්නගෙන් තාත්තා .. ..ඔයාද....

නෑ ඩොක්ටර් මම බාප්පා ..
....

එහෙනම් ඔයාද තාත්තා ?

මගෙ ඇස් දෙක තිබුනෙ තනි සුදු පාට ගාපු  සිවිලිම උඩ..........කිසිම රටාවක් නැති මොකුත්ම මොකුත් නැති තනිම සුදු සිවිලිමේ ලයිට් එකක් ඇරුනම වෙන කිසීම දෙයක් නැති උනා........දොස්තර සංධීර් දිහා බලලා එයාද මගෙ තාත්තා අහනකොට එයා නැහැ කියලා කියන්න ඔලුව වනකොට " ගොත මගෙ ඇස් වලින් කදුලු වැටුනා...."තව ටික දවසකින් යෙවීන්ට අම්මත් නෑ තාත්තත් නෑ............

යෙවීන්ගෙනුත් තාත්තා කෝ අහනකොට යෙවීන්ටත් උත්තර දෙන්න වෙන්නෙ ඔලුව වනලා තමයි.......

මම පොඩි කමට උනත් වේදනා දෙන අර යටි තොල හපා ගත්තා ....තුවාලෙ වේදනාවට වඩා මගෙ පපුවෙ වේදනාව වැඩියි.......සංධීර් එදා මගෙ ඉස්සරහ වීදුරුවක් කුඩුකරලා පෙන්නුව වගේම මගෙ පොඩි හිත බිදිලා ගියා.....

කොල්ලො.....සුදු පුතා.....ඒයි....පොඩි ඇටයා.....

එ බාප්පා........මම ඔහේ උන්නා...දොස්තර අංකල් යන්න ගියා...මෙච්චර වෙලා එයා ගාව උන්න ඒදෙන්නා මගෙ ගාවට එනකොට මම හැලහොල්මනක් වත් නැතුව ඔහේ උන්නා...එ දෙන්නම සැරින් සැරේට මගෙ ලගට ඇවිදින් මගෙන් වචනයක් ගන්න හදනකොට මම ඔහේ උන්නා.......අවසානෙදි සංධීර් මගෙ ඇදෙන් ඉදගන මගෙ ඔලුව......තුවාල.උන මූන අත ගෑවා...අත ගාලා එයා එක්ක තරහද ඇහුවා....
.

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now