87 වන කොටස

2.4K 639 130
                                    

ස්ස්...සංධීර් ....

මං ගොත ගැහුවා....මම වගේ නෙවෙ...කොයින්වෙලෙත් තරහ යන මම වගේ නෙවෙ....ඉදලා ඉදලා එයාට තරහා ගියහම ඒක කෙරවල වෙන්නෙම මරනෙකින් බව දන්න මම එයාව අතින් අල්ල ගත්තා......

එයා මොකුත් නොකියම කලිසම් බෙල්ට් එකේ ගාන්චුව බුරුල් කෙරුවා වගේම මෙච්චර වෙලා බිබී ඉන්න සිගරට් එක බිම දාලා පෑගුවා...........පාගලා මා දිහා බැලුවා....

යෙවීන්......රෝස මල් නටුවෙ කටු තියන බව දැන දැනම...මල කඩාගන්න නටුවෙන් ඇල්ලුවොත් මොකද වෙන්නෙ..........ම්ම්ම්ම්ම්ම්ම්ම්

"කටු ඇනෙනවා........" එයා මගෙන් ඒ ප්‍රශ්නෙ අහනවත් එක්කම මම උත්තර දුන්නා...ගොත නොගහම උත්තර දුන්නා.....හැබැයි....කටින් නම් නෙවෙ...මගෙ හිතින්.............

කටු ඇනෙනවා...එහෙම නේ....ම්ම්......කටු ඇනෙනන බව දැන දැන...........මල නටුවෙන් වෙන් කරන්න හදනවා නම්..........කටු ඇනගත්තු ඌද වැරදි....නැතිනම්.....මල් නටුවද වැරදි යෙවීන්....ම්ම්ම්.....

ඌ...ඌ....ව්...වැරදි.....

ම්ම්ම්...ඇත්ත....ඌ වැරදි...හැබැයි ඉතින්.....ඔක්කොමල්ලම...බනින්නෙ...
මලට.......එහෙම නේ.....

ම්ම්ම්....

ඇත්ත .......නටුව පුරාවටම කටු තියන බව දැන දැන මල කඩන්න යන හැම එකාම අවසානෙදි බැන්නෙ මලට........

මම සංධීර් දිහා බැලුවා............එයත් හරියටම මල් නටුවක් වගේ.............මම එයාගෙ රෝස මල වගේ ............එයාව මාව වෙන් කරන්න  හදන උන් කරන්නෙම ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න හදනවා හා සමාන දෙයක් වෙනකොට අවසානෙදි  උන් ඇගිල්ල දික් කරන්නෙත් අපිටම වෙනකොට සංධීර් ගේට්ටුවත් ඇරලා දාලා  මාව අතින් අල්ලන් පාර පැන්නා.........

ඇත්ත...එයා නම් අද සාතන්ව හම්බවෙන්නම වගේ යන්නෙ  .

ඒක මට දැනුනා....

ඒක එයා තදින් අල්ලන් උන්න මගෙ මැනික් කටුවට දැනුනා.......

මල්ලි...හයර්  එකක්  යමුද......

මාව අතින් අල්ලන් ගියපු එයා කෙලිම්ම අර මීටර් ටැක්සි කාර් එක ගාව නැවතිලා හයර් එකක් යමුද අහනකොට ඒකෙ උන්න එකාගෙ මුන සුදු මැලිවෙලා ගියා.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now