45වන කොටස..

3.3K 739 251
                                    

සංධීර් මම.......

අවසානෙදි අම්මා බාප්පා .....රොබින් කුරුල්ලා යන්න ගියා  ...ඇදිරිනීතිය් හින්දම අම්මා තාත්තා  ආයාම ආවෙ නැති වෙනකොට රොබින් කුරුල්ලගෙ පොලිස් කාර්ඩ් එකට වගේම යහපතාගෙ ඩොක්ට පට්ටම හින්දා මට වගේම සංධීර්ට ඕන කරන හැමදේම හම්බුනා ......

ඉස්පිරිතාලෙ ඇතුලෙ යුද්දයක් .....ලෙ දෙන මිනිස්සුද.....ඔලු වටේට බැන්ඩේජ් ඔතා ගත්ත අත පය එල්ල ගත්ත මිනිස්සුද ...එකෙක් කියලා නෑ....නානාප්‍රකාර මිනිස්සු ඒත් වැඩියෙම්ම උන්නෙ ඔලු බැදගත්ත මිනිස්සු .....

ස්ස්...සංධීර් .....

එයා එහා ඇදෙ .....එයාගෙ අතට මැහුම් දෙක තුනක් දාලා බැදල තිබ්බා ලොකූවට දෙයක් නෑ...ලොකූවට කියන්නෙ එයාට නවතින්න දෙයක් තිබුන් නැ හැබැයි එයා උදාන එක්ක එහාට ගිහින් මොන මොනවදෝ කියලා බාප්පා ගාවට ඇවිත් මාව පාවා දුන්නා .....

මං සිල්වගෙ පුතන්ඩියගෙන් බඩුමල්ලක් අරන් ආවා අරක මේක කිව්වා...මගෙ ආරක්ශාවටත් එක්ක නවතින්නම් කිව්වා ....

හරි.....ඒක එහෙමයි කියමුකො.....සිල්වගෙ බඩු මල්ලයි.....ජන්දෙ රැස්වීම අල උන එකයි එකට පැටලෙන්නෙ කොහොමද ?? ...ඔක්කොමත් කරලා යන්න හදපු බාප්පට බඩු මල්ල ගැන කිව්වා විතරයි මගෙ පිට පුරවලා ඩෑස් එකක් දුන්නා.  ....

සංධීරයා පලි ගන්නවද මන්දා ......එයා ඉන්නෙ අපේ ගේ ගාව ඉන්නවා කියපු හන්දද මන්දා ....කොහොම උනත්....අවුරුදු දහයකට පස්සෙ සංධීරුයි මමයි දෙන්නම ආයම ඉස්පිරිතාලෙ ඇදක් උන්නා.....

ඒත්...අද ඒ දේවල් වෙනස්......

එදා සංධීර්ට මාව තුරුල් කරගන්න විනාඩියක් හරි වෙලාව තිබ්බා ලැප් එකකට යට වෙලා උන්නත්...පොත් ගොඩක් අස්සෙ උන්නත්...එයාට මා එක්ක  කියවන්න දෙයක් තිබ්බා     ....ඒත් අද ඒ දේ වෙනස්....

සංධීර් උන්නෙ වෙන ලෝකෙක.. .එයාගෙ ඇස් දෙක දුවනවා හතර වටේටම...එයා කාව හරි හොයනවාද මන්දා.........

ස්ස්..සංධීර් .....

අන් අනිත් ඇදේ ඉදගන එයාට කතා කෙරුවා ඒත් ඇහුන් නෑ......ඒත් ඇහුන් නෑ... එයා නියපොත්තක් හපන ගමන් අපේ ඇදට තව ඇදන් තුනකට එහා උන්න මනුස්සයෙක් දිහා බලන් උන්නා...ඒකා උන්නෙ කකුලක් එල්ලගන...මහ වාචාලයෙක්....නර්ස් නෝනට මිසී නංගී  හෙමින් හෙමින් සුදු මැනිකේ කියලා කෑ ගහනකොට ඊයෙ පෙරේදා ආව නර්ස් නෝනෙක්ද කොහෙද ඒ කෙල්ල බය උබා වෙන එක්කෙනෙක්ව එතනට දැම්මා.....

MELODY OF A AUTUMN PEONY💮🍁🍁Where stories live. Discover now